දෙහිවල සත්වෝද්‍යානයේ වසර විස්සක් තිස්සේ බැඳ දමා සිටින බන්දුල නමැති ඇතා නිදහස් කොට රිදියගම වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී මනේකා ගාන්ධි මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවමින් ඉල්ලීමක් කර ඇතැයි අද (18) ‘‘ද හින්දු පුවත් ’’ පුවත්පත අනාවරණය කළේය.
69 හැවිරිදි බන්දුල ලොව වයස්ගතම අලි ඇතුන් අතර 11 වන ස්ථානය ගන්නා බවත් ඔහුට නිදහසේ සිටීමට දීම ඉතා වටිනා බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇතැයි එම පුවත්පත කියයි.
තුන් හැවිරිදි වියේ දී ශ්‍රී ලංකාවට ලබා දී ඇති බන්දුල සිය ජීවිතයේ වසර 20 ක්ම දෙහිවල සත්තු වත්තේ බැඳ දමා සිටින්නේය. දැන් ඔහු නිදහස් කළ යුතු බවට බලකෙරෙන ‘‘මාව දම්වැලෙන් නිදහස් කරන්න- බන්දුල අඬයි’’ මැයෙන් වූ අන්තර්ජාල පෙත්සමක් මේ දිනවල අත්සන් කෙරෙන අතර මේ වනවිට දශලක්ෂ පන්සියයක් දෙනා අස්සන් කර ඇති එම පෙත්සමට මනේකා ගාන්ධි මහත්මිය ද අස්සන් කර ඇතැයි හින්දු පුවත්පත තවදුරටත් කියයි.
බන්දුල නම් කර ඇත්තේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බන්දුල ජයසේකර මහතා නමින් වන අතර මෙම පෙත්සම අත්සන් කිරීමට මුල් වී ඇත්තේ ද ඔහුය.
බන්දුල සමඟ තවත් යදමින් බැඳ සිටින අලි ඇතුන් හය දෙනෙක් නිදහස් කරන ලෙස ද ජනාධිපතිවරයා වෙත ගාන්ධි මහත්මිය යවා ඇති ලිපියෙන් ඉල්ලා ඇතැයි හින්දු පුවත්පත කියයි.
ඡායාරූප - ද හින්දු පුවත්පත අනුග්‍රාහයෙනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ස්තුතියි මනේකා. ලංකාවේ ඉන්න සියලුම අලින්ට මේ නිදහස දිය යුතුයි ජනාධිපතිතුමනි. ඔබට මුදල් වැය නොවේ විධානය පමණි
වනාන්තර වලදී දිනකට කිලෝමීටර ගණනාවක් නිදහසේ සැරි සරන මෙවැනි ස්ත්වයෙක් මෙසේ බැඳ තබා තිබීම ඉතාම ඛේදජනකයි.
අතිගරු ජනාධිපතිතුමනි, මේ පුවත දුටු මොහෙතේ සිටම ශ්‍රී ලාංකික බෞද්ධයින් වන අප හට දැනෙන්නේ වාවා ගත නොහැකි බලවත් කණගාටුවකි. එනමුත් පරිසරය සහ සත්ව අවිහිංසාව පිලිබඳ ක්රියාධරණියක ලෙස ලොව පුරාම පාහේ පතලා වූ කීර්ති කදම්බයකින් සමලංකෘත වූ මනේකා ගාන්ධි ගරු ඇමති තුමියගේ ඒ කාරුණික ඉල්ලීම එක පැහැරම ඉටු කරනු ඇතැයි අප තුළ ඇත්තේ උතුර උතුර උතුරා වාන් දමන සතුට මිශ්‍ර බලවත් විශ්වාසයෙකි.
මොනවටද මේ සත්තු වතු. ඇයි සතුන්ව නිදහස් කරන්නේ නැත්තේ.
ඇත්ත වශයෙන්ම අපි මේ සතුන්ගේ නිදහස අහිමි කර තිබෙන්නේ කුමටද? අපේ විනෝදය සඳහා නම් එය වැරදියි. මහා ලොකුවට නිදහස ගැන කතා කරන අපි ඇයි, සතුන්ගේ නිදහස ඔවුන්ට අහිමි කරන්නේ? මනේකා ගාන්ධිගේ යෝජනාව අපි ඉතා සිතින් අනුමත කරමු.
ධරමද්වීපයේ උත්තරීතර යයි කියාගන්න උපාසක උපාසිකාවන්ට නොපෙනෙන සත්ව අයිතිය පාගා දමා උමතු සතුටක් ලබන්නන්ට එරෙහිව හඬක් නැගු සැබෑ ධර්මදර මිනිසුන්ට උත්තමාචාරය .
ඇත්තටම අවාසනාවන්ත තත්වයක්. මේක මා අවසන් වරට දෙහිවල සත්ව උද්‍යානයට ගියේ මට මතක විදිහට 2001 වර්ෂයේ. වගේ මමත් ඔය බන්දුල හස්තියා ඉදිරියේ චායාරුපයක් ගත්තා. අවාසනාවකට ඒ හස්තියා එදා බැද තබා තිබු ස්ථානයෙමයි තවමත් සතාගේ කායික අවශ්‍යතා කිසිවක් බන්දුලට හිමි නැත. දැන්වත් ජිවිතයේ සැදැසමය ගෙවන බන්දුලට නිදහස ලබා දෙන්න
කෙනෙකුට සතෙකුට කරදරයක් කරන කොට තමාට උපමා කරලා බලන්න ඕනේ. හිර ගෙවල්වල අවුරුදු විස්සක් ඉන්න හිරකාරයෝ මීට වඩා සතුටින් ඉන්නවා.
බන්දුල ඇතා නිදහස් කරන්න මනේකා ගාන්ධි ඉල්ලනකන් ඉන්නේ ඇයි ? ශ්‍රී ලංකාවේ ඉන්න සත්ව සුරැකුම් සංවිධාන සහ පරිසර සංවිධාන වලට මේවා පෙන්නේ නැද්ද ? ඒ අයත් ඉන්නේ දේශපාලුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා විතරද ?
ඇයි අලියෙක්ට විතරක් නිදහස ඉල්ලන්නේ. මම හිතන්නේ හැම සත්ව උද්‍යානයකම ඉන්න හැම සතෙක්ම නිදහස් කරන්න ඕනෑ. ඒ හැම සතෙක්ම හිරවෙලා ජිවත් වෙන්නේ. ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය උසස් මනසක් ඇති මිනිසුන් ලෙස අප විසින් ලබා දිය යුතුයි. අලි අනාථාගාරය තුලින් යම් සේවයක් අලින් වෙනුවෙන් සිදුවෙනවා.