(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිගේ කජු කතාවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
රත්නායක මහතා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදීය.
බිමල් රත්නායක මහතා එහිදී මෙසේද කීය.
‘‘ කෑම බීම අඩුවක් රටපුරා කියාගෙන යන එක වැදගත්කමක් නොවෙයි.වැදගත් මනුස්සයෙක් කෑමක අඩුවක් මෙහෙම කතා කරන්නේ නැහැ.ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් පස්සේ ජනපතිට ශ්‍රීලන්කන් ගුවන් සේවය ජරා කජු දීලා කියලා ලෝකය පුරා මාධ්‍යවල ප්‍රචාරය වුණා.ඒ කතවෙන් ගුවන් සමාගමේ කීර්තිය නැති වුණා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තිස් වතාවකට වැඩියෙන් ගමන් කරලා තියනවා. නමුත් එකම වතාවකවත් කජු නම් දුන්නේ නැහැ. ඕවා හම්බවෙන්නේ පළමු හා ව්‍යාපාරික පන්තියේ ගමන්ගන්න මගීන්ට පමණයි.
මගීන් යන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලටයි. එතනදී, වඩාත් වැදගත් වන්නේ, රස්තියාදුවකින් තොරව නියමිත වෙලාවට ගුවන් ගත වීමයි. ප්‍රධාන ආහාර වේල ගැන මගීන් යම් සැලකිල්ලක් දැක්වුවත්, කජු වැදගත් ලෙස සලකන්නේ නැහැ.
කිර්තිනාමය නැති වුනා විතරක්ද ගුවන් මගීන් අසනීප වුනා හරි ගුවන් මගීන්ගේ සෞඛ්‍යට තර්ජනයක් ඇති උනා කියලා කියලා හරි නඩු දැම්මොත් අපේ ගුවන් සේවය විනාසයි. ගමේ කඩෙන් තේ එකක් බීලා තේ එකට සිනි මදි කියලා පාර දිගේ බැන බැන ගියා වගේ නෙවෙනෙ.
කතාව ඇත්ත.මේ පුවත ලෝකයේ ප්‍රචාරය උනාම මේ ගුවන් සේවයේ කීර්තිය ඉවරයි.
මමත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් කරලා තියනවා. ව්‍යාපාරික පන්තියේ ගමන්ගන්න මගීන්ට ලැබෙන කජු මමත් කාලා තියෙනවා. ඒවා තත්වයෙන් උසස් හොඳ කජු. ජනාධිපතිතුමාට විතරක් හොඳ නැති කජු ලැබුනේ කොහොමද? වහාම සොයා බැලිය යුතුයි. කජු කොන්ත්‍රාත්තුව වෙනස් කරන්නට කරපු කුමන්ත්‍රණයක් විය හැකියි.