මැලේසියාවේ පුත්‍රජයාහි මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් 21දෙනකු මියගොස් තවත් පිරිසක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
මොවුන් ප්රාදේශීයව නිෂ්පාදනය කරන මිල අඩු මත්පැන් වර්ගයක් පානය කර ඇති බව පොලිසිය මූලික පරීක්ෂණ වලින් සොයාගෙන තිබේ. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මෙම මධ්‍යසාරයේ මෙතනෝල් ඉහළ ප්‍රතිශතයකින් අඩංගුවී තිබූ බවයි.
මධ්‍යසාර පානය කර රෝගී වූ පුද්ගලයින් තවදුරටත් ප්‍රථිකාර සඳහා පැමිණෙන බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝගි වූ පුද්ගලයන් බහුතරයක් විදේශීක සංක්‍රමණිකයන් බවද පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් ආණ්ඩු පෙරලන්න උද්ඝෝෂණයක් තිබුණාද ?
අනේ පව් උද්ගෝෂණ වලට යන අය විතරද මත්පැන් බොන්නේ.