(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
ධීවර රක්ෂණය මේ වසරේ අරඹන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ධීවර ඇමතිවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විජයමුණි සොයිසා මහතා මෙසේ ද කීය.
“අප මේ ගැන රක්ෂණ සමාගම් සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. මිලියන 25ක් දක්වා මේ රක්ෂණය යනවා. රක්ෂණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න මම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් හදන එකත් නැවැත්තුවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd