ඩී.ජී.සුගතපාල        

                                   
දහතුන් හැවිරිදි බාල වයස්කාර සිසුවියකට අතවර කළ විත්තිකරු‍වකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා බරපතල වැඩ සහිත මාස නමයක සිර දඬුවමක් සහ රුපියල් පන්දහසක දඩයක් ද වින්දිත සිසුවියට රුපියල් පනස් දහසක වන්දියක් ද ගෙවිමට අද (20) නියම කළේය.


දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද විත්තිකරුට නියම විය.


මෙසේ දඩුවම් නියම වුයේ අක්මිමණ ප්‍ර‍‍දේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.