ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කියයි.
"මම ක්‍රීඩාවෙන් සමුගන්න ඉස්සරවෙලා 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මොකද ඒ වෙනකොට මම ලකුණු ලබාගනිමින් හිටපු ආකාරයයයි, මගේ තිබුණ ශාරීරික යෝග්‍යතාවයි එක්ක මට හිතුණා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා.....ඒත් පස්සේ ආපු ප්‍රශ්න කිහිපයක් නිසා මම තරුණයන්ට තැන දීලා අයින් වුණා” යයි ඩිල්ෂාන් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර ඩිල්ෂාන් එක්දින තරග 330 කදී ශතක 22 ක් ද සහිතව ලකුණු 10,290 ක් ලබා සිටියේය.
එක්දින තරගයකදී ඩිල්ෂාන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.27 ක් වූ අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව) 86.23 ක් විය.
සම්පූර්ණ වාර්තාව සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් ජයසූරිය වගේ වෙන්නද හදන්නේ ????
අපොයි එපා...
ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙක් එකම කාල සීමාවකදී කණ්ඩායමෙන් ඉවත්වීමත්, තේරීම් කමිටුව සහ අදාළ අමාත්‍යවරයා විසින් අනවශ්‍ය ලෙස කණ්ඩායමේ ප්‍රවීනයින්ට බලපෑම් කිරීමත් යන මේ කරුණු නිසා එහෙන් මෙහෙන් තේරුණු ශාරීරික යෝග්‍යතාවය අතින් හුගක් අවුල් පිරිසක් සංචිතයට ඇතුලත් උනා මිසක් වෙනස්ම ආකාරයකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිරිසක් ගොඩ නැගුනේ නැහැ. එනිසා මම හිතනවා දිල්ශාන් නැවතත් පිටියට පැමිණිය යුතු බව සහ මාලිංගව තවදුරටත් රදවාගත යුතු බවත් ජාතික ලීග හරහා හැකියාවන් තිබුනද ඒවා පවත්වාගෙන යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුලත් කිරීමත් යෝග්‍යයි. තවද ව්‍යාපාරිකයින් කිසිවෙකුත් ක්‍රිකට් කවුන්සිලයේ කිසිදු තනතුරක නොතැබිය යුතු අතර එම කවුන්සිලය ස්වාධීන කවුන්සිලයක් විය යුතුය.
නායකත්වයත් අරගෙනම එන්න රටටම ඔබව අවශයයි...
ඩිල්ෂාන්, කරුණාකකර නැවත එන්න.... රටට ඔබව අවශ්‍යයි..... මෙය තීරණාත්මක සන්දිස්ථානයකි....
නැතිවට කමක් නෑ ...... පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න...
අනේ එන්නකෝ!
නායකත්වයේ වෙනසක් සමඟ, අසේල , දිනේෂ් සහ දනුෂ්ක නැවතත් මිස දිල්ෂාන් නොවෙයි අවශ්‍ය.
දිල්ෂාන්, අපි නැතිව අනිත් අයට ක්‍රීඩා කරන්න බැහැ කියන එක නෙවේ මෙතන සිදුවිය යුත්තේ. බැරි වීමට හේතුව හොයල එයට විසදුමක් ලබා දීමයි, ඔබ වැනි ප්‍රවීනයන් අතින් සිදුවිය යුත්තේ.
ආයේ එන්නෙපා. ඒකෙන් වෙන්නේ මේ කුණු ගොඩේ කුණු වෙන්න වෙන එක.
දිල්ෂාන්ව නැවත දකින්න මගේනම් අකමැත්තක් නැහැ. නමුත් අපේ කණ්ඩායම පොදුවේ එච්චර හොඳට සෙල්ලන් නොකර, මාලිංග අවුරුද්දකට පස්සේ ඇවිල්ලා හොඳට සෙල්ලම් කරපු හින්ද දිල්ෂානුත් එකම කලේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් හැටියට නැවත ක්‍රීඩා කරන්න හිතෙනවා ඇති. මට මතක හැටියට එංගලන්තෙත් එක කලෙක පහල මට්ටමක හිටියා. නමුත් දැන් එංගලන්තේ තරඟ වර්ග තුනෙන්ම (ටෙස්ට්, ODI, T20 ) ඉහල මට්ටමක ඉන්නේ. මට හිතෙන්නේ අපේ ක්‍රිකටුත් තියෙන්නේ පරිනත අවදියක. ඉවසීමෙන් ඉස්සරහට ගියොත් එංගලන්තේ වගේ ඉදිරියට ඒවි. දිනන්න තියෙන වුවමනාවට එන එන විදයට උළු වස්ස ගහන්න ගියොත් ඉදිරියේදී පහලටම වැටේවි. එම නිසා දැන් සිටින ක්‍රීඩකයන්ගෙන් උපරිමය ලබාගන්න පුහුණුකරුට අභියෝගයක් වුනත් යන විදියට ගියොත් හොඳයි කියල හිතෙනවා.