(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
තේ නිෂ්පාදනයේදී සීනි කලවම් කිරීම සම්බන්ධ තේ නිෂ්පාදන කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම කෙරෙහි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
දයාසිරි ජයසේකර මහතා - තේ කුඩුවලට සීනි කලවම් කිරීමෙන් තේ වල ගුණාත්මක භාවය අඩු වෙනවා. මේ දේ කරන කර්මාන්තශාලා හයසිය ගණනක් තියෙනවා.නමුත් අහුවුණේ 53යි.මේ නිසා කුඩා තේවතු හිමියන් අමාරුවේ වැටිලා.මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - මේවා වැටලීම් කරලා අහුවෙන අය අධිකරණයට ගියාම නීතිඥ මහත්වරු නොයෙක් දේවල් කියලා ඒ අය නිදහස් කර ගන්නවා.මේ නිසා මේ අයට දඬුවම් දීමට ඇති පාර්ලිමේන්තුවේ නීති හදන්න ඕන.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - දැනට කරන්නේ මේකට අහුවුණාම තේ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවනවා.වරද සමථයකට පත් කිරීමේ ගාස්තුව අය කරනවා.තේ කොමසාරිස්ට බලය තියෙන්නේ බලපත්‍ර අවලංගු කිරීම සහ අධිකරණ ක්‍රියා මාර්ග වලට යොමු කිරීමයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පියවර ගනිමින් සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද පියවර ගන්නේ. තේ /සිනි පිලිබඳ සොයා බලන්න පත්කළ කමිටු පුටු හොඳ නැහැ කියලා අලුත් පුටු ඇනවුම් කරලා. පුටු එනකම් වැඩ නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුනේ පහුගිය දවස් වල ..