(රඹෑව මනුල වික්‍රම)
වගා කන්න හයක් පාළුවීමෙන් ඇතිවී තිබෙන ආහාර හිඟය නිසා වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් අඹු සැමි යුවළක් ගැන කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දෙන ගම්මානවල ජනතාවට ආධාර කිරීමේ වැඩසටහනක් මිරිසවැටිය රජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මේ දිනවල ක්‍රියාත්මක වෙයි.
කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල ගම්මානවල ආහාර පාන හිඟයෙන් පෙළෙන, ආධාර දීමට සැබෑම අවශ්‍යතාවක් ඇති පවුල් සොයා නාහිමියන්ගේ මෙහෙයවීමෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන කේ.බී. අමරකෝන් මහතා ගෙයින් ගෙට ගොස් කරුණු සොයා බැලුවේය.
වෙලන්වැව ගම්මානය අගහිඟකම්වලට ලක්වූ බොහෝ පිරිසක් සිටින ගමක් වූ අතර එම ගම්මානයේ ඒ.ජී. තිලකාවතී (60) නමැති මව ඒ වනවිට ආහාරයට ගෙන තිබුණේ තැම්බූ මුරුංගා කොළය. තිලකාවතීගේ සැමියා වකුගඩු රෝගියකු වන අතර දරුවෝ විවාහ වී පවුලෙන් වෙන්ව සිටිති. ඒ දෙදෙනා ජීවත්වන්නේ සැමියාට වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයෙන් ලබාදෙන ආධාර මුදලිනි.
තිලකාවතී ඇතුළු ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ගම්මානය අවට ගම්මාන 14ක පවුල් එකසිය පනහකට අධික පිරිසකට සතියකට පමණ අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා මිරිසවැටිය නාහිමියෝ ආධාර වැඩසටහනක් සංවිධානය කළහ. ඒ සඳහා දායක කරගනු ලැබුවේ කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි විශ්‍රාමික ගුරු සංගමයයි.
එම සංගමය වසර විස්සක් පමණ තිස්සේ වාර්ෂිකව සමාජ සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන විශ්‍රාමික ගුරුවරුන්ගේ එකමුතුවකි. ඉලුක්වැව අභිනවාරාම විහාරස්ථානයේ දී ආධාර බෙදාදීම සඳහා සංවිධානය කර තිබූ අවස්ථාවට තිලකාවතී මහත්මිය ද පැමිණ සිටියාය.
එහිදී කළ විමසීමේ දී ඇය මෙසේ කීවාය.
“කන්න හයක් තිස්සේ ගොවිතැන් බත් නෑ. කුඹුරු හරියනවා නම් කාගෙන් හරි වී ටිකක් හාල් ටිකක් ලැබෙනවා. මගේ මහත්තයාට පුළුවන් කාලේ කුලී වැඩ කරලා අපි ජීවත් වුණා. දැන් මම එයාගේ වැඩපල කරල දෙන්නත් ඕනෑ. දරුවන්ට අපිට උදව් කරන්නත් බෑ. අපේ සහෝදර සහෝදරියන්ටත් අපට සලකන්න තරම් වත්කමක් නෑ. කන්න දෙයක් නැතිම නිසා තමා මහත්තයා එන දවසේ මුරුංගා කොළ තම්බලා තිබුණේ. කන්න විතරක් නෙවෙයි, බොන්න වතුරත් නෑ. අල්ලපු ගෙදරින් ඉල්ලා ගන්නේ.” යැයි ද ඇය පැවැසුවාය.
මිරිසවැටිය විහාරවාසී නෙකුටුණුවැවේ ඥානරතන හිමියෝ ආධාර ලබාගැනීම සඳහා පැමිණි ජනතාවට ජීවිත ගොඩනඟා ගැනීම සඳහා අනුශාසනා සිදුකර ආධාර බෙදාදුන්හ. මෙම ජනතාවට ආහාර ද්‍රව්‍ය මෙන්ම පාසල් සිසු දරුවන් සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කෙරිණි.
ඉලුක්වැව විහාරාධිපති කොකාවැවේ විමලසාර හා වත්තේවැවේ උපතිස්ස යන හිමිවරු ද ඩී.ඇස්. සේනානායක විදුහලේ ආදි විශ්‍රාමික ගුරු සංගමයේ උපසභාපති පද්මා තිරිමාවිතාන මහත්මිය ඇතුළු සාමාජික සාමාජිකාවෝ ද එම අවස්ථාවට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් ලක්ෂ 8 පුටු හොයන ලක්ෂ 80 දොරවල් දාන අයට මේවා පේන්නේ නැද්ද?
බස්නාහිර පළාත් ආයතනයේ ,පුටුවලට සහ දොරට වෙන්කරපු සල්ලි වලින්, ලංකාවේ ඔය වැනි ජනතාවට ජීවත කාලෙම බත් කන්නට තිබ්බා.
ලක්ෂ 8 පුටු ගන්න ගියාම කෝ වෙන දේවල්වලට සල්ලි... අනික මට හොඳ දොරක් දාගන්නත් කෝටියක් විතරයි ලැබුණේ...
මේ 225 එලවලා දාල රටට මිනිසුන්ට වැඩක් කරන දුප්පත් මිනිසුන්ගේ ආණ්ඩුවක් පත් කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
සංවිධානයකින්, ව්‍යාපාරකයින් , පෞද්ගලික ධනයෙන් මෙහෙම උපකාරයක් කරනවා විනා රජයෙන්නම් කිසිම සහනයක් නෑ මේ මිනිස්සුන්ට.......
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!!!
තම පූජනීය ස්ථාන වෙත ලැබෙන ආදායම බුක්ති විඳිමින් අධික සුඛෝපභෝගී ජීවිත ගත්කල හැකිව තිබියදී දුප්පත් ජනතාව වෙනුවෙන් සංවේදී වූ ඔබ වහන්සේලාට සහ සහයවු සැමට යහපතක්ම වේවා.
මෙතන වෙලා තියෙන්නේ ගමේම වගා කටයුතු පාළු වෙලා නිසා මෙයාලට උදව් කරන්න ගමේ මිනිසුන්ට බැරි වීම. ඒත් මෙයාලගේ දරුවනුත් ඇයි නොබලන්නෙ කියලා හොයලා බැලිය යුතුයි.
මෙන්න මිනිස්සු!!!!!!!!!!!!!!!!!!!! ඔබලාට ස්තුති කරන්න වචන නැත. ආධාර උපකාර කල සියලු දෙනාටම, සංවිධානය කල ඔබට, පින් සිදු වේවා
මේ 225 එලවලා දාල රටට මිනිසුන්ට වැඩක් කරන දුප්පත් මිනිසුන්ගේ ආණ්ඩුවක් පත් කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? ඇයි නැත්තේ තියනවා. ඒකට ඇති එකම බාධකය අපේ වැඩි දෙනෙකුට ඕනෑකමක් නැතිකම...!
රට මේ තරම් අසිරු අඩියක තිබෙන මොහොතක තමයි මේ ආණ්ඩුවයි විපක්ෂයයි පිස්සු නටන්නේ. එක එක දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් නාස්ති කරන මුදල් හා වෙනත් දෑ මේවගේ අසරණ වෙලා ඉන්න මිනිසුන් වෙනුවෙන් යොදවා පිහිට උනා නම් කොතරම් වටිනවාද.?
ඔය පක්ෂ දෙක කවදාවත් රට දියුණු කරන්නේ නැත...... පක්ෂ දෙක විතරයි දියුණු වෙන්නේ..... අපේ රටට විප්ලවයක් ඕනේ....
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනා හට මේකරපු පුන්‍ය කර්මයට බොහොම පින් තෙරුවන් සරණයි...............
මේක තමයි රටේ ඇත්ත.............බදු ගහන්නෙත් මෙහෙම අයට තමා..
කමක් නෑ. රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය හරියට ගෙව්වනම් ඒ ඇති. බුද්ධ පුත්‍රයන් විදියට මුල්වෙලා මේ මිනිස්සුන්ට පිහිට උනාට ගොඩක් පින් හාමුදුරුවන්ට.
ආණ්ඩුව කියන්නේ 2025 වෙනකල් එන්න කියලනේ. බලයට ආවෙත් බොරුවෙන් බලය පවත්වා ගෙන්නෙත් බොරුවෙන්.