(ඉන්දිකා රාමනායක)
පොලිසිය තමාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි හෙයින් තමා පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළේ යැයි දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා ලංකාදීපයට ඊයේ පැවසීය.
වරකාපොළ පොලිස් ස්ථානයෙන් තමාට ලබාදී ඇත්තේ ජංගම මුර සංචාරක සේවයක් පමණකැයි කී නාමල් කුමාර මහතා එම ජංගම මුර සංචාරය ද ක්රියාත්මක වන්නේ පැය හයකට වරක් පමණක් බව ද කීය.
පොලිස් නිලධාරීන් පැය 6 කට වරක් පැමිණ නිවසේ එල්ලා ඇති පොත් සටහන් යොදා යන බවද ඔහු පැවැසීය.
වරකාපොළ පොලිසිය පිහිටා ඇත්තේ තම නිවෙසේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරකින් බවත් යම් දෙයක් සිදුවුවහොත් පොලිසිය නිවසට පැමිධෑමට පැය භාගයක පමණ කාලයක් ගත වන බවත් නාමල් කුමාර මහතා කීය.
රජයෙන් තමාට ලබා දෙන්නේ මෙවැනි ආරක්ෂාවක් නම් තම ජීවිත අනතුරේ ඇති හෙයින් තමාගේ පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළ බවද කීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා ඉදිරි කාලයේදී තමා කැඳවන්නේ නම් බිරිඳ හරහා එම සම්බන්ධීකරණ කටයුතු සිදුවන බවත් එම නිසා බිරිඳට තම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩබල් ගේම් කාරයෙක්!! දැන් කාගේ හරි ඔඩොක්කුවේ හොඳට හුරතල් වෙනවා ඇති! මේ ආණ්ඩුව මේකේ සුල මුල හොයලා වැරදි කරුවන්ට දඬුවම් දේවි කියල හිතන්න අමාරුයි!
හොඳ තීරණයක් .....
යහපාලනයේ සුදු වැන් නැහැනේ.........
කියපු බොරුව අතේ පත්තු වෙන්න ලඟ නිසා ඉක්මනට කොහේ හරි හැන්ගෙන තමා හොද.............
ඩබල් ඒජන්ට් කෙනෙක් කිසීම උගත් කමක් නැති දුෂණය කියන වචනයේ අර්ථය වත් හරියට දන්නවද දන්නේ නැහැ...... මේ ගේම අනිවාර්යෙන් දෙන්න ඕනා තව ටික දවසකින් යුරෝපයේ දේශපාලන රැකවරණය ඉල්ලනවා එකටයි මේ ඔක්කොම සෙල්ලං දැම්මේ
හා හා කට කට. මෙයාට ඉදිරිපස හා පසුපස පරිවාරක රථ පෙලකුයි. ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා ආරක්ෂාවයි ඉක්මනින්ම ලබා දෙන්න.
පොලිස් කියල ගහපු ජීප් එන්න. ඒකට තමයි ඔයාල යහපාලනේ කියන්නෙ ...