පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වී තිබෙන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පෙ.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදය අනිද්දා යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අනිද්දා (24) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය. 22 July 2025
කොළඹ - ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට කොළඹ මහානාම විද්‍යාලයේ සහ පොළොන්නරුව දම්මින්න මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 22 July 2025
විදුලි පනත විවාදය කල් යයි පාර්ලිමේන්තුවේදී අනිද්දා 24 පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ එදින නොපවත්වා වෙනත් දිනයක පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 22 July 2025
පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප දැන් අනිවාර්යෙන් ගෙවිය යුතුයි පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තු පණතක් ලෙස සම්මත කරන බැවින් සියලු ආයතන එම වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 22 July 2025
අයි.එම්.එෆ් පස් වන වාරිකයත් නිදහස් කළා මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
අල්ලස්ගත් හිටපු ඇමැති ලේකම් අත්අඩංගුවට කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 22 July 2025
‘‘මම වාහනේ ගත්තේ ප්‍රබල ඇමැති කෙනෙක්ගෙන්’’ මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්.දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
ඉනාමළුව රක්ෂිත මැද අලි ගොඩක් මරලා දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 22 July 2025
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමග යැවූවැයි අයි.පී අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් වව්නතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විරම්ශන කටයුතු නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ වාන්ඇල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව පවසයි. 22 July 2025
දේපොළ සම්බන්ධ වෘත්තිකයන්ට ආයතනයක් ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
සිවිල් ගුවන් සේවා නියෝග පාර්ලිමේන්තුවට සිවිල් ගුවන් සේවා (ගගන යාත්‍රාංගන පහසුකම් සඳහා ගාස්තු පැනවීම) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
කෘත්‍රිම බුද්ධියට සිංගප්පූරු සහය කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
විදුලි සේවකයෝ විරෝධතාවක ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු විදුලිබල කේෂත්රයට ප්‍රතිසංස්කරණ ගෙන එමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල සේවකයන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දැන් පවත්වන විරෝධතාව හේතුවෙන් කොටුව දෙසට තීරුව අවහිරවී වාහන තදබදයක් ඇතිවී තිබේ. 22 July 2025
මැලේසියාව එක්ක කෘෂිකර්ම පර්යේෂණ ගිවිසුමක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
ක්‍රීඩාවේ දූෂණ නවත්තන නියෝග පාර්ලිමේන්තුවට ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
ශ්‍රී ලංකන් ගුවන්කරණ රක්ෂණ කොන්ත්‍රාත්තුව දෙයි සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්කරණ රක්ෂණ ඔප්පු සහ ගුවන්කරණ රක්ෂණ සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
’’අපේ අයගෙන්’’ ඖෂධ මිලදී ගන්න අනුමැතිය 2026 වර්ෂය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
හන්තානවත්තේ මට ඉඩමක් ඇති කතාව පට්ටපල් බොරුවක් රජයට අයිති මහනුවර හන්තාන වත්තෙන් අක්කර 46ක ඉඩමක් දේශපාලන බලපෑම යොදාගෙන නීති විරෝධීව තමාගේ නමට පවරාගෙන ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කළ අසත්‍ය ප්‍රකාශයෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්රීනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය. 22 July 2025
ලක්විජය බලාගාරයට ගල් අඟුරු ගන්න ප්‍රසම්පාදනය දෙයි ඉදිරි වාරය සඳහා නොරොචෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
සයිබර් තර්ජන හඳුනාගන්න පර්යේෂණ ඒකකයක් සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් (Threat Hunting and Malware Analysis Lab) පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
ලොරියට යට වී සෙබළිය මරුට කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හොරගස්මංකඩ පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී අද( 22 ) යතුරු පැදියක් පෙරලුණු අවස්ථාවේ එහි පසුපස ගමන් ගනිමින් සිටි යුද හමුදා සෙබළියක ඉදිරියෙන් පැමිණි ලොරියක යටවී බරපතල තුවාල සහිතව රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයි දංඕවිට පොලිසිය කියයි. 22 July 2025
දරුවන් 14කට කැසිල්ලක් හැදිලා බියගම ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශේණියේ සිසු සිසුවියන් 14 දෙනකු දහවල් හදිසියේ අසනීපවී ඇතැයි බියගම පොලිසිය පවසයි. 22 July 2025
හිටපු ජනපති වරප්‍රසාද කපන පනත පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
කොරියා සෘතුමය රැකියා වලට අලුත් අවබෝධතා ගිවිසුමක් කොරියානු ජන රජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා සෘතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
විශ්‍රාමික DIG රොහාන් ප්‍රේමරත්නට අධිකරණ නියෝගයක් මුල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව අගෝස්තු 04 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (DIG) රොහාන් ප්‍රේමරත්න මහතාට අද (22) නියෝග කළේය. 22 July 2025
අවම සේවක වැටුප වගේම වතු සේවක වැටුපත් වැඩි කරන්න අවම සේවක වැටුප වැඩි කරනවා සේම වතු ප්‍රජාවගේ වැටුප් ද වැඩි විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 22 July 2025
හෂිෂ් සමඟ විදෙස් කත ගුවන්තොටේදී අල්ලයි රුපියල් දහ අට කෝටි දස ලක්ෂයක් වටිනා ’’හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් විදේශීය ගුවන් මගී කාන්තාවක් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද(22) අත් අඩංගුවට ගෙන තිබේ . 22 July 2025
ඉන්දීය උප ජනපති ධුරයෙන් ඉවත් වෙයි ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජග්දීප් ධන්කාර් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ සෞඛ්‍ය හේතුන් මත යැයි ද පැවැසෙයි. 22 July 2025
දේශබන්දු පොලිස්පති තනතුරෙන් නෙරපයි? පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026