ජනපති අස්ගිරි අනු නාහිමිට අවසන් ගෞරව දක්වයි අපවත් වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියන්ගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය. 23 July 2025
අනතුරකින් පාසල් සිසුන් 13 ක් රෝහලේ බෙලිඅත්ත, වීරකැටිය, මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද (23) පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් 13 දෙනකු තුවාල ලබා තංගල්ල හා වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 23 July 2025
අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පොලිසියට ඊයේ (22) දින පස්වරුවේ භාර වී ඇතැයි පොලීසිය කියයි. 23 July 2025
බංගලාදේශයේදී ’’ශ්‍රී ලංකන්’’ ට සැලකුම් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළෙහි දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. 23 July 2025
පෙම්වතිය මරා පෙම්වතාත් මැරෙයි කලකට පෙර පෙම්වතුන්ව සිට පසුව විවාහයට අකමැති වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද තියුණු ආයුදකයකින් ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පදියතලාව පොලිසිය කියයි. 23 July 2025
මාරවිල වෙඩි තැබිමක් කතක් මිය යයි නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි. 22 July 2025
වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති. 22 July 2025
පුත්තලමේ කඩොලාන වනාන්තර අටක් රක්ෂිත වේ පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂීත බවට පත් කිරීම ජුලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකිමේ දිනය වෙනුවෙන් කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පවසයි. 22 July 2025
දැරියක අත කෑ පී.සී ගුටි කයි දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිදා සිටි 13 හැවිරිදි දැරියකට ලිංගික අතර කිරීමට තැත් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 22 July 2025
මින්නේරියේ වාහන පහක් එකට ගැටෙයි පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී 22 වෙනිදා සවස රථ වාහන 05ක් එකිනෙකෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 22 July 2025
රාජතාන්ත්‍රික පුහුණුව ගැන මාලදිවයින සමඟ ගිවිසුමක් මාලදිවයින් ජන රජයේ විදේශ සේවා ආයතනය සමඟ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ තොරතුරු හා ලේඛන හුවමාරුව සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
වවුනියාවේ බෝම්බ,උණ්ඩ සහ මත්පෙති අල්ලයි වවුනියාව, නිරියකුලම් හි ගෙවත්තක කෙසෙල් පඳුරක් ආසන්නයේ සූක්ෂම ලෙස වළදමා තිබූ ජීව අත් බෝම්බ 80ක් ටී පනස් 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන උණ්ඩ තොගයක් සමග තරුණයෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 22 July 2025
හෝමාගම ඉඩමක් කොළඹ විශ්ව විද්‍යාලයට නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල අයිතිය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
නව වන සංරක්ෂණ අධ්යක්ෂ පත්වෙයි වන සංරක්ෂක ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
රෝහල් වල ඖෂධ හිඟ නම් කඩිනමින් ඒ ගැන බලන්න ඇතැම් රෝහල් වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟ හැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නේය. 22 July 2025
හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ට ඇප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට 2023 වසරේදී පුහුණුවක් ලබාදීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට ලක්ෂ පනස් එකක තුටු පඬුරක් සමාගමකින් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු කම්කරු හා විදේශ කටයුතු ඇමතිවරයකුගේ පුද්ගලික ලේකම්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රා හර්ෂන කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය. 22 July 2025
තවත් ඇතෙක් මැරිලා ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදී අද හමු විය. 22 July 2025
අයවැය සහන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ බහුතරයකින් සම්මත කර ගැනිණ. 22 July 2025
ජගත් විතාන පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා අත්අඩංගුවට පත් සිය පුතා මතක් කර පාර්ලිමේන්තුවේදී අද සංවේදී විය. 22 July 2025
‘ගෝඨාගෝගමට’ ගැහුවාට දේශබන්දු සැකකරුවෙක් කරයි ‘ගෝඨාගෝගමට’ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 22 July 2025
ධම්මදස්සී අනුනාහිමි දේහය අස්ගිරි විහාරයට ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරය යන විහාරයන්වල විහාරාධිපති අපවත් වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හිමියන්ගේ දේහය අස්ගිරි මහ විහාරයේ තැන්පත් කර තැබීම සඳහා වැඩම කරනු ලැබූහ. 22 July 2025
මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආණ්ඩුවේ අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 22 July 2025
තීරු බද්ද අඩු කරගන්න තව දුරටත් සාකච්ඡා ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා මෙරටට පැනවූ සියයට 30 තීරු බද්ද අඩු කරගැනීම සඳහා පැවැත්වෙන මාර්ගගත සාකච්ඡාවල දෙවැනි අදියර හෙට (23) පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 22 July 2025
අස්වැසුම අභියාචනා කාලය දීර්ඝ කරයි අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවැනි අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කළ බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනක් පවසයි 22 July 2025
සංචාරක අධිකාරියෙන් පොරොන්දුවක් නීති විරෝධී ලෙස සංචාරක මාර්ග උපදේශනයේ යෙදෙන සංචාරක මාර්ග උපදේශකයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (22) පොරොන්දු විය. 22 July 2025
ඖෂධ හිඟයට වගකීමෙන් යුතු විසඳුමක් ඉල්ලයි රජය රෝහල්වල පවතින ඖෂධ සහ උපකරණ හිඟයට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවත් එම ගැටලු සහ අදාළ චක්‍රලේඛනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සමග කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 July 2025
තව අවුරුද්දකින් ආණ්ඩුවටයි අපටයි නරක අත්දැකීමක් තව අවුරුද්දක් යන විට ආණ්ඩුවට වගේම අපටත් නරක අත්දැකීම්වලට මුහුණ දීමට තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
ආණ්ඩුවට වැඩියම ආදරේ විපක්ෂය හැදෙන්න ඕන විදිය ගැන විපක්ෂය අපට දිගටම උපදෙස් දෙනවා. විපක්ෂය තරම් මේ දවස්වල අපට ආදරේ වෙන කිසිවකුත් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026