
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
අයවැය ලේඛනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වර්ෂ අවසානයේ දිගු නිවාඩුවක් ලබාදී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින 17ක නිවාඩුවක්ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට දින නවයක නිවාඩුවක්දමෙසේ ලබාදී ඇත.
පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා විශේෂ සභා වාර දෙකක් (19)සිකුරාදා සහ බ්‍රහස්පතින්දා(18) පැවැත්වුණු අතර එම රැස්වීම් වලින් අනතුරුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 6 වැනිදාය.
මේ අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කතානායකවරයාගේ අනුමැතිය පරිදි විශේෂ නිවාඩුවක් (ලබන 22 සහ 23) ලබාදී ඇත
පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) කාන්ති පීරිස් මහත්මිය විසින් මේ පිළිබඳව එම කාර්ය මණ්ඩලයට චක්‍රලේඛයකින් දැනුම් දෙනු ලැබීය.
මීට ප්‍රථම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට 24 සහ 26 නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. මේ අනුව පාර්ලිමේන්තු සේවකයන්ට පසුගිය සිකුරාදා දිනෙන් පසු දින නවයක නිවාඩුවක් ලැබෙනු ඇත.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අයවැය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන මෙම විශේෂ නිවාඩුව ලබාදී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS