පියා සහ දරු දෙදෙනා ඇතුලු හතරක් එල්ල මරන්න නියම කරයි තම පුතකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකුට පොලු වලින් පහරදී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියකු පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් සිව් දෙනාටම මරණ දඬුවම නියම කළේය. 23 July 2025
පහ සිසුන්ට දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ කුණුහරුප අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසුන්ට 22 වැනි දින ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් තමන් මෙන්ම සිසු දරු දැරියන්ද දැඩි අපහසුතාවයකට පත්වු බව ගුරුවරු චෝදනා කරති. 23 July 2025
පඩි වැඩි කරන පනත් වලට කතානායක අත්සන් කරයි සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය. 23 July 2025
ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ධූරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෙරුණු නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) ඒකමතිකව අනුමත කළේය. 23 July 2025
රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද සිදු කෙරිණි. 23 July 2025
සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා හෙළි කළ යුතුයි සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා කවුදැයි මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන 23 July 2025
මීට පස්සේ ත්රස්තවාදයට මුදල් සපයන්න බෑ ත්රස්තවාදයට මුදල් සැපයීම ලංකාවේ බහුලව සිදුවූ නමුත් දැන් ඒවා වලක්වා ගන්න කටයුතු කර තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 July 2025
’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’ ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නැති බවත් තමන් දන්නා තරමින් රජයටද වාහන ආනයනය සීමා කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය. 23 July 2025
මේ රට කලක් හොර ගුබ්බෑයමක් වූ බව අමතකද? ලංකාව කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබු බව අමතක කළ යුතු නැතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 July 2025
උද්දමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පසුගිය ජුනි මස උද්ධමනය පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. 23 July 2025
මාරවිල වෙඩි තැබීමේ සැකකරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් මාරවිල, මැද නාත්තණ්ඩිය ප්‍ර දේශයේදී මවකට සහ පුතකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමෙන් එම මව මියගොස් පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් 5 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 23 July 2025
පරිසර ලේකම්ගෙන් අලි ගැන පොලිස්පතිට ලිපියක් අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යවා ඇත. 23 July 2025
ධීවරයන්ට කාලගුණනෙන් අනතුරු ඇගවීමක් කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ හෙට (24) විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනිද්දා (25) දිනයේද (ඉදිරි පැය 24 සදහා) මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. 23 July 2025
ASP විභාග පවත්වා වසර දෙකක් ගියත් පත්වීම් නෑ ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී (ඒ.එස්.පී.) තනතුර සඳහා තරග විභාගය පවත්වා වසර දෙකක කාලයක් ගතවුවද මේ දක්වා එම තනතුරුවල පත්වීම් දීමට බලධාරීන් අසමත්ව ඇතැයි පොලිස් නිලධාරීහූ චෝදනා කරති. 23 July 2025
අනතුරු වලක්වා ගන්න මාධ්‍යවේදීන්ට පුහුණුවක් මාධ්‍යවේදීන්ට හදිසි අනතුරු වලින් සිදුවන තුවාල වීම් වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. 23 July 2025
පොලිස්පති නෙරපන හැටි කතානායක මැතිසබයට කියයි මැති සභා ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු කර ඇති හෙයින් ඔහු නෙරපීමට ගෙන එන යෝජනා සම්මතයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළුමන්ත්රීවරුන්ගෙන් බහුතරයක් පක්ෂව ඡන්දය දුනහොත් එම පනතේ 18 වගන්තිය ප්‍රකාරව ඔහු අප්‍රමාදව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 July 2025
“අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” සමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය කතානායකවරයා අමතමින් “අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” යනුවෙන් පැවසීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇයට එක දිගට චෝදනා එල්ල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (23) පෙරවරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය. 23 July 2025
විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවක වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්රතිසස්කරණවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 23 July 2025
දොස්තරලා රට හැරයාම අඩු වෙලා විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර පළාතේ එරාවූර් රෝහලේ නිරීක්ෂණයකට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 23 July 2025
‘කුෂ්‘සමඟ අයෙක් මාට්ටු රුපියල් මිලියන දොළහක් වටිනා කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බත්තරමුල්ල විශේෂ සුරාබදු ඒකකය පවසයි. 23 July 2025
වන අලි පහරින් අයෙක් මරුට මාළු ඇල්ලීම සඳහා ලංකා පටුන ප්‍රදේශයට යතුරුපැදියකින් ගොස් ආපසු එමින් සිටි දෙදෙනෙකුට සුමේධංකරපුර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලිසිය කියයි . 23 July 2025
’’වව්නියාවෙන් T56 ගෙනාවේ බ්ලූමැන්ඩල් කසුන් මරන්න’’ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සංවිධානාත්මක් අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් කසුන් නැමැත්තා ඝාතනය කිරීමට ගිනි අවිය රැගෙනවිත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 23 July 2025
2022 හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධියි රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස 2022දී කටයුතු කරමින් සිටියදී රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය බහුතර තීන්දුවකින් තීන්දු කර තිබේ. 23 July 2025
ශ්‍රී ලංකන් දූෂණ හොයන විමර්ශන කමිටුව ජනපති හමුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. 23 July 2025
කෘෂි ඇමති ’’ කොපියා’’ හමු වෙයි කොපියා (KOPIA) ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ Park Pyung – Sik මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. 23 July 2025
මත්ද්‍රව්‍ය සමඟ පාතාලයකුගේ සොයුරියක් අල්ලයි ත්‍රිරෝද රථයකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පාතාල නායක දෙමටගොඩ චමින්ද ගේ ඥාති සොයුරියක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 23 July 2025
නාය අවදානමකින් කම්කරු පවුල් 07ක් ඉවතට නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වැසි සමඟ නානුඔය උඩ රදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරු පවුල් 07 කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට එම වතු පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. 23 July 2025
ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් නොවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) රැස්වූ අවස්ථාවේදී පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) ප්‍රකාශ කළේය. 23 July 2025
අස්වැසුම සල්ලි හෙට ගිණුම් වලට අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 23 July 2025
විදුලිසැර වැදී තරුණයෙක් මරුට ගලහිටියාගම ප්‍රදේශයේ නිවසකදි විදුලිසැර වැදී 19 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි. 23 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026