
(දයාරත්න ඇඹෝගම)
කළාඔයේ දිය නෑමට ගිය 62 හැවිරිදි දෙදරු පියෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි හුරීගස්වැව පොලිසිය කියයි.
මේසේ අතුරුදන්ව ඇත්තේ සියඹලාගස්වැව,හුරීගස්වැව පදිංචි සිටි එච්.එම්.හේරත් බණ්ඩා (62) නැමති දෙදරු පියෙකි.
මෙම පුද්ගලයා දිය නෑම සදහා උදැසන නිවසින් පිටත්ව ගියද ඊයේ සවස්වන තුරුත් නිවසට නොපැමිණිම නිසා ඔහුගේ ඥාතින් ඒ බව පොලිසියට පැමිණිලි කොට තිබුණි.
එම පැමිණිල්ල මත පොලිස් නිලධාරින් කළාඔයේ නාන තොටුපළක සිදුකළ පරික්ෂාවේදි මෙම පුද්ගලයා අවසන් වරට ඇද සිටි සරම හා කමිසය සොයා ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd