
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය රුපියල් ලක්ෂ 15ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 13.5ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිරිනමනු ලැබීය.
එම අවස්ථාවට අදාළ සංගම් නියෝජනය කරමින් ඩබ්.එම්.එස්.කේ. මංජුල , දිලිප් නිහාල් ඇන්ස්ලම් පෙරේරා සහ ජයන්ත කරුණාධිපති, දේශාන් රාජපක්ෂ, සමුදික පෙරේරා සහ දෙව්ශාන් රොද්‍රිගෝ මහත්වරු එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd