
(සිතුම් චතුරංග)
යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.
තිස්ස රාජමහ විහාරයට අයත් ඉඩම් සිවිල් ජනතාවගේ ඉඩම් ඒවා නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් මහතා ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.
විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන තිබේ.
පලාලි පොලිසිය විරෝධතා කරුවන්ට එරෙහිව යාපනය මල්ලාකම් අධිකරණයෙන් පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබු අතර එම නියෝගයද පොලිසිය විසින් විරෝධතාකරුවන් වෙත භාරදෙනු ලැබීය.
විරෝධතාකරුවන් පැවසූවේ දෙමළ ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් මෙම විහාරස්ථානය ගොඩනගා ඇති බවත් එම විහාරයේ ඉදිකිරීම් ඉවත්කර ඉඩම් දෙමළ ජනතාවට ලබාදෙන ලෙසත්ය.

2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තිස්ස විහාරය අසල කලබල කළ පස් දෙනෙක් අතඅඩංගුවට