IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ටිපර් රියදුරු ඝාතන සිද්ධියේ 5 දෙනා රිමාන්ඩ්

(නිමල් ජයරත්න )

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිප‍ර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.

මනම්පිටියේ කොටලීය අසලදී ටිපර් රථය 17 වෙනිදා පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැණිනි.
 
මෙලෙස ඝාතනයට ලක් වූයේ කුඩාවැව දළුකාන අංක 243 ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙකු වූ එච්.ජී. තුෂාර සඳුන් යන අයෙකු බව පරීක්‍ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

රියැදුරු අරලගංවිල ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා වැලි කියුබ් තුනක් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර සැකකරුවන්, මනම්පිටිය කොටලීය අසලදී ටිපර් රථය පැහැරගෙන රියැදුරු ඝාතනය කර ඇති බව පොලිසිය සැක පළ කරයි.
 
 



අදහස් (0)

ටිපර් රියදුරු ඝාතන සිද්ධියේ 5 දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site