දේශබන්දු පොලිස්පති තනතුරෙන් නෙරපයි? පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 July 2025
නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. 22 July 2025
විදෙස් පිස්තෝලයක් පතුරොම් සමඟ දෙන්නෙක් මාට්ටු දෙමට ගොඩ වේළුවන පාර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පතුරම් 12 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 22 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 July 2025
පිරිමින් අඩුවෙලා:ගම්බද තරුණියන් තනි වෙලා කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. 22 July 2025
කහවත්ත ඝාතනයේ වෙඩික්කරු අල්ලයි පොලිස් නිලධාරීන් යැයි පවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකුට අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස් එක අයකු දණගස්වා වෙඩි තබා අනෙක් අයට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා යාමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 22 July 2025
කෝටි හතරක අධික දේපොළ තහනම් කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 22 July 2025
සීදූවේ වෙඩි තැබීමක් සීදූව රාජපක්ෂ මාවත ප්‍රදේශයේදී අද (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසිය. 21 July 2025
බංග්ලාදේශ ගුවන් නියමුවන් පුහුණු යානයක් පාසලකට කඩා වැටෙයි බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා ජෙට් යානයක් ඩකා අගනුවර පිහිටි පාසලකට කඩා වැටීමෙන් 19 ක් මියගොස් තවත් 164 දෙනකු තුවාල ලබා ඇතැයි බංග්ලාදේශ බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ. 21 July 2025
සදේ පස් ගල් බලන්න ලංකාවටත් වරම් මිනිසා පළමු වරට සඳ තරණය කළ අවස්ථාවේදී සඳෙන් රැගෙන ආ පස් සහ පාෂාණ සාම්පල ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම අද (21) සිට ආරම්භ කෙරුණු බව එහි අධ්යක්ෂ ජෙනරාල් සනෝඡා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය. 21 July 2025
අස්ගිරි අනු නා හිමි ගිහි පැවදි දෙපිරිසම දහමින් පෝෂණය කළා සුවහසක් ගිහි පැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට ආනමඩුවේ ධම්මදස්සී අස්ගිරි අනුනාහිමියන් කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 21 July 2025
පාසල් පන්තිකාමරයෙන් මතු වූ නයි පැටවු කුරුණෑගල බෝගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ එළිමහන් පන්ති කාමරය තුළ නයි පැටව් 30 ක් සමග හැපින්නන් තිදෙනකු සහ නයි බිත්තර 55 ක් ඉවත් කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් කටයුතු කළහ. 21 July 2025
බොරැල්ලේ වෙඩි තැබීමේ අයෙක් මාට්ටු බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවූ බව කියන සැකකරුවකු ඊයේ (20) නිකවැරටිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය පවසයි. 21 July 2025
අස්ගිරි අනු නාහිමිගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් දෙස් විදෙස් රටවල ආගමික හා ශාස්ත්‍රීය කටයුතු කරමින් මහත් ශාස්ත්‍රීය කාර්යභාරයක් ද ඉටුකළ ආනමඩුවේ ධම්මදස්සි අනු නාහිමියන්ගේ අපවත් වීම පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නීය. 21 July 2025
රෝහිතගේ දියණියට - ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණයෙන් අද (21) නිකුත් කළේය. 21 July 2025
කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ශුද්ධෝත්තම පියතුමන් ඇතුළු විශ්ව කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් හිටපු නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මරණ දඩුවම දියයුතු යැයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය කතෝලික සභාවේ මතය නොවන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (21) පැවසූහ. 21 July 2025
මත්ද්‍රව්‍ය වැරදිවලට 1241ක් දැලේ මත්ද්‍රව්‍ය හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි. 21 July 2025
පාසල් සිසුවා කැලයෙන් අහුලාගත් බෝම්බය සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 21 July 2025
නී.පොලිස්පති මාරපනගේ පෙත්සමට දින දෙයි නීතියට පටහැනි ආකාරයට අත්තනෝමතික ලෙස මාස හයක කාලයක් තුළ පොලිස්ථාන තුනකට මාරු කර යැවීමෙන් සහ තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ සේවයේ කිරීමට සැලැස්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් යාපනය ප්‍රදේශයේ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 21 July 2025
‘‘රජය ප්රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘ රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්රතිසංස්කරණයක් කරා යමින් සිටින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 21 July 2025
මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් කෝටි 3800ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 July 2025
ගිනි අවියක් සමග දෙදෙනෙක් මාට්ටු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන් රාජ් නැමැත්තාගේ ඥාතී සහෝදරයකු සහ ව්‍යාපාරිකයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් සමග අද දහවල් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2025
අනුරාධපුර පණ්ඩුල සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට අනුරාධපුර පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ Vision වැඩසටහනට අද සහභාගී වූහ. 21 July 2025
ජ.වි.පෙ සහෝදරයෝ ආදරය ගෙන උතුරට යති සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය යාල් දේවි දුම්රියෙන් බදාදා(23)යාපනයට යෑමට නියමිතය. 21 July 2025
පාර්ලිමේන්තු ක්‍රමය ගැන ’’පැෆරල්’’ දැනුවත් කරයි නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්රියාකාරීත්වයේ (PAFFREL) කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 21 July 2025
නිළි රැජිනට ශෝක විවාදයක් සිකුරාදා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වේ 21 July 2025
මූල්‍ය අරමුදල ජනපති හමු වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි. 21 July 2025
‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘ එදාවේල සරි කර ගැනීමට නොහැකි වුවද තම ජීවිත ගැන සිතා පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන්නැ’යි සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 21 July 2025
ප්‍රහාරක යානයක් පාසලකට වැටිලා බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, එරට ඩකා අගනුවර, උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩා වැටුණි. කඩා වැටුණු ගුවන් යානය පුපුරා ගියේය. 21 July 2025
ආචාර්ය නදීශා අගමැතිනිය හමු වෙයි බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ ’’බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්’’ පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය. 21 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026