ආපදාවෙන් හතරක් මරුට:11542ක් පීඩාවට
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2750කට අයත්, 11,542 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.