කොරෝනා ආසාදිතයන් 1732ක් වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1732 දෙනෙක් අද (16) දිනයේ දී වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,42,203 ක් දක්වා ඉහළ ගොස් ඇත. 16 May 2021
කොළඹ වරාය නගරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනිද්දා මැතිසබයට කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අනිද්දා(18) දැනුම් දෙන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි. 16 May 2021
දඹුල්ලෙන් සහ තඹුත්තේගමින් එළවළු කිලෝ ලක්ෂ තුනක් මිලට ගනී ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන දෙකක් වන දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථාන දෙකෙන් රජය සහ යුද හමුදාව එළවළු කිලෝ ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ. 16 May 2021
‘‘රිෂාඩ් - ප්‍රේමලාල් කැමති නම් මැති සබයට ගේනවා‘‘ විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 16 May 2021
සිසුන්ට නොදන්වා නේවාසිකාගාරය ප්‍රතිකාර මධ්‍යස්ථනයකට දීලා කොළඹ විශ්ව විද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය සතුව තිබූ මොරගස්මුල්ල කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරය හදිසි කොවිඩි - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර දේශපාලනාඥයන් පිරිසක් එය නැවත විවෘත කර ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව චෝදනා කරයි. 16 May 2021
ව්‍යාපාරික පුතාගෙන් මිතුරන්ට මත්කුඩු සාදයක් රාමසාන් අවුරුදු සමරා මදිපාඩුවට පසුදින කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු මාවනැල්ල කොට්ටවත ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය සාදයක් වටලා සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත්බව පොලිසි පවසයි. 16 May 2021
පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත. 16 May 2021
තැපැල් සේවකයන්ට කොරෝනා එන්නත් ඉල්ලයි බිම් මට්ටමේ සේවාවන්හි යෙදෙන තැපැල් සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත් ලබා දීමට වහා පියවර ගන්නැයි තැපැල් වෘත්තිය සමිති ඉල්ලා සිටියි. 16 May 2021
දුරගමන් බස් සේවා තවදුරටත් සීමා කරයි සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ තවදුරටත් දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 16 May 2021
කොළඹට හෙට විශේෂ දුම්රිය පහක් රජය පළාත් අතර සංචරණ සීමා පැන වුවත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා දුර බැහැර සිට පැමිණෙන මගින් සදහා පමණක් විශේෂ දුම්රිය පහක් හෙට(17) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 16 May 2021
’’අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නවා’’ අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නා බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය. 16 May 2021
රෝහල් අඩුපාඩු සකසන්න උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලයි රෝහල්වල අඩුපාඩු සහ පහසුකම් සපුරා ගැනීමට උදව් වන්නයි තමා මෙරට දානපතියන් ගෙන් ඉල්ලීමක් කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය . 16 May 2021
‘‘පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ට නිවාඩු දෙන්න‘‘ පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් රෙඩ් සංවිධානය ඇතුළු වෙළඳකලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර ඇත. 16 May 2021
නිතිපතිගේ චෝදනාව ගැන මහජන ආරක්ෂක අමාත්‍ය කරුණු විමසයි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට අදාල සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව තහවුරු කර නැති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා ඇත . 16 May 2021
තවත් ගැබිණි මවක් කොරෝනාවට බිලි කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද (16) මියගොස් ඇත. 16 May 2021
ලක්ෂ 18 දුරකතන හොරා අල්ලයි නිට්ටඹුව නගරයේ ජංගම දුරකතන වෙළෙදසැලක් කඩා රුපියල් ලක්ෂ දහඅටක් වටිනා දුරතකන 48 ක් සොරාගත් පුද්ගලයකු සොරාගත් දුරකතන සමග අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 16 May 2021
මාවනැල්ලේ සුරාසැලක තිදෙනෙක්ට කොරෝනා මාවනැල්ල නගරයේ සුරාසැලක සේවය කරන ලද සේවකයින් තිදෙනෙකුට කොවිඩ් රෝගය ආසාදිත වී ඇති බැවින් කොරෝනා පොකුරක් ඇති වීමට පෙර පසුගිය 6 වැනිදා සිට 12 වැනිදාතෙක් එහි පැමිණි පිරිස් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ඵසේ නොමැති නම් ස්වයං නිරෝධායනය විය යුතු බවත් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. 16 May 2021
පානීය ජල ව්‍යාපෘතියේ කසිප්පු පෙරලා ලෙල්ලොපිටිය වැලිමලුව මාක්ස්වත්තේ සහ පොල්ගස්තැන්නේ ගම්වැසියන් පානීය ජලය ලබාගන්නා ඉන්දොළ ඇළට ගෝඩා මුසුකර පුද්ගලයින් 32 දෙදෙනෙකු රෝගාතුර කළ බවට සැකපිට මාක්ස්වත්තේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අද 16දා අත්අඅඩංගුවට ගත්බව රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා පැවසුවේය. 16 May 2021
කොවිඩ් වුවත් රෝග ලක්ෂණ නැත්නම් නිවසේම නිරෝධායනයට කොවිඩ් ආසාදිත බවට තහවුරුවී ඇතත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සිය නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණය කර ඇතැයි කොරොනා මර්දන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය . 16 May 2021
බිරිය සමඟ රංඩු වී සිඟිත්තා ගහක එල්ලන්න හදලා පවුල් ආරාවුලක් දුරදිග යාමෙන් මාස දෙකක් වයසැති තම සිගිති දරුවා එල්ලා මැරීමට උත්සාහ කළ රංසෑගොඩ බෙරලිය අතුර ප්‍රදේශයේ පදිංචි පියෙකු අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය කියයි. 16 May 2021
ධාවනය වූ ත්‍රිරෝදය ගිනි ගෙන අළු වෙයි මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇත. 16 May 2021
වදුරඹ පොලිස්කන්ද ප්‍රදේශය හුදෙකලා කරයි වදුරඹ පන්විල ග්‍රාම නිලධාරී වසමේ පොලිස්කන්ද ප්‍රදේශයන් කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අද (16) උදෑසන 9.30 ට පමණ හුදකලා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 16 May 2021
දීමනා කැපුවැයි ක්‍රිකට් පාලකයෝ හා ක්‍රීඩකයෝ ගැටෙති වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ. 16 May 2021
අවධානයෙන් සිටින්නැයි ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට උපදෙස් ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත. 16 May 2021
අදත් සැරින් සැරේ තද වැස්ස බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (16) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 May 2021
සංචරණ සීමා කැඩු 306ක් අල්ලයි සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් 306 කු ඉකුත් පැය 24 තුළ දී දිවයින පුරා පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ මහතා පවසයි 16 May 2021
කොරෝනා ආසාදිත මරණ 941 දක්වා ඉහළට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 20ක් ඊයේ (15) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියේය. 16 May 2021
අදත් ආසාදිතයෝ 2000 පනිති කොවිඩ් වයිරස ආසාදනය වූ තවත් 585 දෙනකු අද (15) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව අද දින වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 2371කි. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වී ඇත. 15 May 2021
යතුරු පැදිය විදුලි කණුවේ ගැටී සෙබළෙක් මරුට:තවත් සෙබළෙක්ට තුවාල පනාගොඩ යුද යුද හමුදා කඳවුරට අනුයුක්ත ඉංජිනේරු බලකායේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටි එක් සෙබළකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි 15 May 2021
කීර්ති නාමයට හානි කළැයි අධිකරණ ඇමැති රුපියල් බිලියනයක් ඉල්ලයි පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එන්තරවාසියක් යවා ඇත. 15 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026