
(ඩයනා උදයංගනී)
මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය හෙට (11) වැඩ භාරගැනීමට නියමිතය.
ඒ හෙට (11) විවෘත වන ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි.
මෙම පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහත අතින් හෙට (11) පස්වරු 4.00ට විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය එම ධූරයේ රාජකාරී භාරගනු ඇත.
කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර ඇත.
කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අතර ඇය දෙදරු මවකි.
හෙම්මාතගම ප්‍රදේශයේ උපන් ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මීට පෙර කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් පත්ව ඇත්තේ මීට වසර 24කට පෙර එනම් 1997 වසරේදී වන අතර ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ට බයක්, සැකක් නැතිව පොලිසියට යන්න පුළුවන්...
කාන්තාවක් වු පමණින් පක්ෂපාතිව කටයුතු නොකර සාධාරනව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. සමහර කාන්තාවන් අසරන පිරිමින්ද දරුවන්ට තම කාන්වතාකම සමාජයට පේන්වා වද දෙන බැවිනි .
මෙය හොඳ ප්රවණතාවකි, මෙයින් සාර්ථකතත්වයක් ලැබේ යැයි අපට බලාපොරොත්තු විය හැක
පොලිසියටත් අනෙකුත් සියලුම දෙනාටත් දෙනාටත් එක හා සමානව ක්‍රියාත්මක වන සමාජයක් ඇත් නම් පොලිස් ස්ථානාධිපති කව්ද ,පොලිස් පති කවුද යන්න මත එක එක්කෙනාට වෙනස්ව සැලකීමක් වෙන්නේ නැහැ .කවුද වරද කරන්නේ ,ඒ හැමටම හිමි විය යුතු දඬුවම් ලැබෙන බව හැම දෙනාටම දැනුනු දවසට අපේ සමාජය වඩාත් යහපත් වේවි
සුබපැතුම්...!!!
ඉතා අගේ කරමි. කාන්තාවක් රටක් පාලනය කළා නම්.. පොලිස් බල ප්‍රදේශයක් පාලනය කිරීම මනාලෙස ඉටුකරනු ඇත. තවද පොලිස්පති ධුරයටද කාන්තාවක් පත්වෙන්නේ නම් ඉතා සුදුසු බවට මා යෝජනා කරමි. ඇයට සුබ පතමි..
අපි මොනතරම් ගල් යුගයකද ජිවත් වෙන්නේ මේවා මහා ලොකු දේවල් වෙන්නේ කොහොමද.