
(ඩයනා උදයංගනී)
විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මේ වන විට රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුණත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතින බව කී ජනාධිපතිවරයා එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකි බව ද සඳහන් කළේය.
ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන හානිය බරපතළ බව විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු යැයි ද ජනාධිපතිවරයා කීව්ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (10) පෙරවරුවේ පැවති උත්සවය අමතමිනි.
තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත්, එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබූ බවත්, එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක් බවත් කී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වන වර්තමාන අවශ්‍යතාවයක් බව ද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නටන්න බැරි මිනිහාට පොළව ඇදයි කිව්වලු...
පක්ෂ දේශපාලනයක් කරන්නේ ජනාධිපති, ඡන්දයෙන් පස්සේ හැමෝගේම ජනපති වුණා නම් විපක්ෂය නොවෙයි මුළු රටේ ජනතාවම ඔබව පිළිගන්න තිබුණා. දැන් පොහොට්ටුවත්, ජනාධිපතිත් දෙකම ඉවරයි..
තමාගේ නොහැකියාව වහන්න විපක්ෂයට දොස් කියලා හරි යන්න නැහැ. අද බලයේ ඉන්නේ විපක්ෂය නොවේ. විපක්ෂයෙන් බලාපොරොත්තු වන දේවල් මොනවද කියලා ඡන්දෙ කාලේ රටට කිව්වා නැහැ නේද? මේවා ජනතාව මුලා කරන බොළඳ කතා. විස්සත් සම්මත කරගත්තා, තුනෙන් දෙකක බලයත් තියාගෙන, එක් සහෝදරයක් අගමැති, අනිත් සහෝදරයෙක් මුදල් ඇමැති, මේවා සේරම තියාගෙන විපක්ෂයට දොස් කියන්න ලැජ්ජාවක් නැද්ද?
ඔබට ඕනෑ දේ විපක්ෂයෙන් වෙන්න විපක්ෂය ඔබතුමාගේ රූකඩයක් නොවේවා... විපක්ෂයට ඡන්දය දීපු 54 ලක්ෂයක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය එම ජනතාව වෙනුවෙන් සහ ඡන්දය නොදීපු අය වෙනුවෙන් පෙනී සිටීමයි.. ඊට පසුව මුලු රටම වෙනුවෙන් කතාකිරීමයි...
අපේක්ශා කලේ නඩු ටික අයින් කරගන්න කොට බකන් නිලා ගෙන ඉන්න කියලද?
කයිවාරු ගහන්නේ නැතුව කරපු එක එක හොඳ වැඩක්වත් කියන්න බලන්න. ගහපු ගහපු හැම ගැසට් එකක්ම රිවස් කරපු එක විතරයි කරේ..., වැඩකට කියල..
69 ලක්ෂයක් ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තුවූ දේ ලැබුණේත් නැහැ. ඔබතුමාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් යෙදවූ, දූෂණ, වංචා සහ විවිධ අපරාධ නඩු තිබුණු ඔබේ ඥාතීන්, මිතුරන්ට මෙන්ම ඔබතුමාගේ නඩුත් "අපේක්ෂා කළ ප්‍රමාණයටත් ඉහළින්" ලබාගත්තා. රටට සහ මහජනතාවට "අබ සරණයි"
විපක්ෂය පැත්තකින් තියන්නකෝ සර්. එයාලා ගැනත් රට්ටු දන්නවා. අඩුම තරමේ ඔබතූමාගේ කැබිනට් එක, පත් කල නිලධාරීන්ටත් සහයෝගය දෙනවාද? දුන්න ද කියන්න දැක්කා පහුගිය කාලේ වුණු වැඩ ටික. අඩු ගානේ ගහන ගැසට් එකවත් රිවස් නොකර තියා ගන්න බැරි වුණානේ. අනික් ඒවා කතා කර ඵලක් නැත...
20ත් සම්මත කරගෙන 2/3ත් තියාගෙන තව මොනවට විපක්ෂයක් ගැන කියවනවද මන්දා...?
නොදියුණු මනසකින් යුත් නූගත් ජාවාරම්කාරයින් හා සම්බන්ධ දේශපාලකයින් හා නොමනා වචන කට පුරා කියාගෙන අවස්ථාවාදී ලෙස දේශපාලනයෙන් වාසි ලබන ආධාර කාරයින්ගෙන් සැදි මෙවැනි රටක මෙය පුදුමයක් නොවේ. පසුගිය ආණ්ඩුව සමයේදී හදිසි ප්‍රථිකාර රථ ගෙන්වීම විදේශ කුමන්ත්‍රණයක් යැයි කියාගත් පිරිස් සිටියානේ...
මෙයාගේ අනාගැනිල්ලට විපක්ෂයත් පලි වගේ. මෙයා ෆේල් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
අඳෝනාව විතරයි. කෝඳුරු තෙල් හත්පට්ටයකුයි, තව ටිකකුයි ඕනෑලු...
අනේ සර්.. ඉක්මනටම යන්නකෝ ඇමරිකාවට. පව් දෙන්නේ නැතුව...
මෙච්චර හොඳටම ඔබතුමා රටට කරලා තියෙද්දී ආයේ මොනවටද විපක්ෂ සහයෝගේ? අනික අපිටත් කාලා වැඩිවෙලා දිරවා ගන්න බැරිවයි මේ දඟලන්නේ.. " බැරි සිල් නොගනින් අබරෝ" කිව්වලු..
මේ රටේ මෙතැන් සිට වසර 200ක් වගේ කාලයක් ඇතුළත බිහිවුණු අසාර්ථකම නායකයා වන මේ පුද්ගලයා කියනවා යහපාලනයේ වැරදි. ඇත්තටම බැලුවාම අද මේ අය පම්පෝරි ගැන ව්‍යාපෘති සියල්ලම පටන් ගත්තේ යහපාලන රජයයි. බඩු මිල අඩු කලේ යහපාලන රජය. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10000 කින් වැඩි කලේ යහපාලන රජය... කැළණි පාලම, මධ්‍යම අධි වේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය දිගු කිරීම, බෙලි අත්ත දුම්රිය මාර්ගයේ වැඩ අවුල් ලිහා නිම කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම ඖෂධ මිල අඩු කිරීම, රෝහල් පහසුකම් වැඩි දියුණු කොට ගිලන් රථ ලබාදීම, සුව සැරිය ඇති කිරීම, හම්බන්තොට වරාය ණය උගුලෙන් මුදවා බදු දීම, වරාය නගරය අවුල් ලිහා රටට වැඩක් ඇති ලෙස දියුණු ආකෘතියක් යටතට ගැනීම වැනි ක්‍රියා වැරදිද? ඔය ටිකක් විතරයි. මහා බැංකු කොල්ලය ගගා හිටියා දැන් කෝ අල්ලපු හොරු? බෝම්බ ගහලා පාස්කුද? මිනිස්සු මැරුවේ කවුද? බොරුව තමාටම පාරා වළල්ලක් වෙලා දැන් මෙයාට විතරක් නෙමෙයි ඔය 69 ලක්ෂයටම එනවා. කන්න නැතුව මැරෙන්න වෙන්නේ... එදාටත් යහපාලනය නිසා තමයි මේ ඔක්කොම කියකියා ඉන්න පුළුවන්... හැබැයි මතක තියාගන්න ඕනෑ එක දෙයක්. එනම් තමන්ගේ ආණ්ඩුව යටතේ තක්කඩි හොරු තමයි ඉන්නේ...
අපේ ජනාධිපතිතුමාට හොඳ වැඩපිළිවෙළක් දක්ෂ කණ්ඩායමක් සමග හොඳ ගමනක් යන බව පේනවා. එතුමාට සහාය දීම හැමෝගේම යුතුකමක්...
ලංකාවේ කිසිම පක්ෂයක් රට වෙනුවෙන් එකට වැඩ කරන්න එන්නේ නැහැ. ඒක තමා තිත්ත ඇත්ත. එකෙක් රජ කරනකොට අනිත් උන් විරෝධයේ... අනිකා රජ කරනකොට මේකා විරෝධයේ... මේක අවුරුදු පහෙන් පහට වෙනස් වෙනවා. රට වලපල්ලට යනවා...
ඔබගෙන් අපි අපේක්ෂා කළ දෙයත් ලැබුණේ නැහැ...
කවුරුවත් මුකුත් කියන්න එපා ස'ට... අනේ ප්ලීස් අපිට විළි ලැජ්ජයි ඒකයි. වෙක මොකවත් නෙමේ.. අපිනේ පත්කලේ...
සර් කිව්ව දේ ඔබලා තේරුම් ගත්තේ වැරැදි විදිහට... විපක්ෂයේ කාර්ය භාරය ඉටුකරමින් එළියට ඇවිත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුත් කරන වාසු, විමල්, උදය කණ්ඩායම ගැන මේ සර් කියන්නේ...
2/3 තියාගෙන මොකටද බොරුවට විපක්ෂය ගැන අඬන්නේ?
ආයේ තව විපක්ෂයක් ගාව ගන්නේ අහවල් දේකටද? පවුල් රෑනක්ම ඉන්නේ. 69 ලක්ෂයක් ජනතාවට සෞභාග්‍යයේ දැක්ම පෙන්නුවේ කවුද?
ජනාධිපතිතුමාට සහාය වී රට දියුණු කරමු...
අනේ සර්... දුකයි...!!!
එක දෙයක් කිව යුතුයි. ඔය විපක්ෂයත් ආණ්ඩු පක්ශයත් දෙකම එකයි. ජනතාවට ඇති වැඩක් නැහැ. වි.ජ.ය.මු. ලොකු බණ්ඩාර වික්ටර් අයිවන් සමග පවසා තිබුණා. "මේ ක්‍රමය කවදාවත් වෙනස් කරන්න බැහැ. අපි ආණ්ඩු පක්ෂය හොඳට කනවා. ඉස්මුරුත්තා වෙන්න කනවා. විපක්ෂයටත් හොඳට කන්න දෙනවා" කියලා.. එ් නිසයි හැමදෙනාම කියන්නේ 225 එපා කියලා. දැන් ඔය කියන දේට කන්දෙමු. විපක්ෂය දඬුවම් ලැබූ මිනීමරුවන් නිදහස් කිරීමට, සීනි බදු වංචාවට, රට චීනාට රට විකිණීමට, මෙකී නොකී සියලුම අපරාධවලට සහාය දිය යුතුද? ඔවුන් නමට හරි විරුද්ධ පක්ෂනේ. තීරු බදු රහිත කාර් එනකම් ඒ අයත් ඇඟිලි ගැනගැන ඉන්නවා.
කවුරු හරි මෙයාට කියලා දෙන්න රට පාලනය කරන්නේ විපක්ෂය නෙවෙයි, ආණ්ඩු පක්ෂය කියලා....
නටන්න බැරි වුණාම පොළව ඇදයි කියනවා වගේ කතාවක් මේක...
නන් දොඩවනවද? විපක්ෂයෙන් මෙයාට ලැබුණු දේවල් නෙවෙයි කියාගෙන ජනතාවට ඕනෑ දේවල් වුණේ නෑ... 69 ලක්ෂයක් ඡන්දෙ දීලා 20 දීලා ඉල්ලපු හැමදේම ඩොලර්වලට පාලනය කරගන්න බෑ කියන්නේ නොහැකියාව... අද රටම චීනෙට උකස් තියලා... ණය කන්දක හිරකරලා... ඒ මදිවට බඩුගන්න පෝලිම්.. අහස උසට බඩුමිල ගිහින්... කඩවල බඩු නෑ.. රටේ නීතියක් නෑ... හොරුන්, මිනීමරුවන් නිදහස් වෙලා... මේ රට විනාශ කරලා, කාලා ඉවරයි.
ජනාධිපතිතුමනි, ඔබ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලලා. ඔවුන් හිතන්නේ ඔවුන්ට විතරයි රට දියුණු කරන්න පුළුවන් කියලා. ඒ නිසා අනිකුත් අයට අකුල් හෙළනවා. අනුර හිතන්නේ එයාට විතරයි සැලැස්මක් තිබෙන්නේ කියලා. හැබැයි එයට රට දියුණු කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ කියන එක එයාට කියන්න බැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ අනික් අයගේ වැරදි පෙන්වීමම මෙයා නායකත්වයට සුදුසුයි කියලා. අනුරට ටෙන්ඩරය දෙන්න කියන්න අනුර සල්ලි හොයන්නේ කොහොමද? අනුරට කෝ සල්ලි? අන්න එ්කයි අපිට වැදගත්. අනුර සහ ඔහුගේ කැල හිතනවා නම් ජනතාවගේ තන්පතු, NRFC, දේපල රාජසන්තක කරලා සල්ලි හොයන්න එහෙනම් අපිට වෙනවා.. ඔයාව කාණු කපන්න යවන්න.
එයටත් වඩා කනගාටුදායක වන්නේ ඔබෙන් ජනතාව අපෙජ්ක්ෂා කල දේ අංශු මාත්‍රයක් හෝ නොලැබීමයි .ශ්‍රී ලංකාවේ ලී ක්වාන් යු වේ යැයි ජනතාව අපේක්ෂා කල ඔබ දැන් එහි නිකලස් මදුරෝ වීමට ආසන්නයි
හැබැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මැතිතුමා නම් කිව්වා ,නැහැ හතුරන්ගෙන් බලාපොරොත්තු සහයෝග ලැබුනේ නැහැ කියල.භාරගත්තු වගකීම් සහ පොරොන්දු හරියාකාරව ඉටු කළා.
විපක්ෂයත් එකයි ආණ්ඩුවත් එකයි දෙකම හරි හරියට පිස්සු කෙලිනවා . විපක්ෂයේ උන් ඕන දෙයක් කරලා බලයට එන්න දගලනවා . හැමදාම විපක්ෂේ වැදගත් වැඩක් කලේ නෑ කවුරු හිටියත්
සර් විපක්ෂයත් එක්ක තනියම හැප්පෙන්න බැරි නම් කලයුතු හොඳම දෙය සර් අර 20 මගින් පවරා ගත්ත බලතල වලින් 50% ක් පාර්ලිමේන්තුවට පවරන එක .ප්‍රාදේශීය සභාවක සභාපති කමක් වත් නොකරපු සර් ,සර් වටේ ඉන්න රත්තරන් මාල හොරා ,එතනෝල් ජොනී .ප්‍රසන්න බදා ,බල්වානි ඇමති වැනි කණ්ඩායමක් එක්ක හර්ෂද සිල්වා ,පාටලී චම්පික ,හරීන් ප්‍රනාන්දු වැනි කණ්ඩායමක් එක්ක හැප්පෙන්න බැහැ .බොරුවක් හරි ඇත්ත විදිහට කියන්න පුළුවන් විමල් ,ගම්මන් පිලගේ සහාය දැන් සර් ට නැහැ
"රටට කරලා'' නෙමෙයි ''රටට ඇරලා"!!!
සහෝදර සමාගම ගෙදර යවන්න. එවිට ඉතුරු අවුරැදු තුන වැඩක් නොකලත් බැනුම් අහන්නෙ වත් නැතුව හිටියැකි
ස්තුතියි සර් ඇත්ත තත්වය පහදලා දුන්නට .
wipakshen oba apeksha karana deya labadenna oba wipaksha nayakya nowe , sir awadi wenna oba ada rate wishala widhayaka balayak saha parlimenthuwe 2/3 balayak thibena anduwak palanaya karana janadhipath ,
විපක්ෂයෙන් දේවල් බලාපොරොත්තු වෙන ජනාධිපති කෙනෙක් දැක්කමයි ඉතින් ,එතකොට 3/2 බලය ලැබිලා තියෙන්නේ විපක්ෂයටද ?තමන්ගේ නොහැකියාව වහ ගන්න මෙයා පාර අතුගාන මිනිහවත් අල්ලයි වගේ මේ යන හැටියට .ඒ මිනිහා හරියට පාර අතු ගෑවේ නැති නිසා වැඩ කර ගන්න බැරි උනා කියන්නත් ඉඩ තියනවා
නටන්න බැරි නැට්ටුවා පොලව ඇදයි කිව්වා වගේ කතාවක් නේ ඕයි මේක