(නිමන්ති රණසිංහ)

මාලිගාවත්ත ප්‍රදේශයේ ‘පාතුමා මුම්තාස්’ නැමැත්තිය මෝල්ගසකින් ගසා ඝාතනය කළැයි සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (10) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 47/ඒ,/එම්/44, සමිට්පුර, මට්ටක්කුලිය පදිංචි මෙහොමඩ් නියාස් මොහොමඩ් නවුෂාඩ් (34) නමැත්තාය.

මෙම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 296 වගන්ති ප්‍රකාරව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරපිත් කර තිබිණී.