කොරෝනාව කැබිතිගොල්ලෑවේ පාසල් 4ක් වහයි පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය අද (09)දින පැවසුවාය 09 November 2021
අලුතින් කොරෝනා ආසාදිතයෝ 538ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 09 November 2021
විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනිද්දා (11)විවාදයට ගැනීමට නියමිතය. 09 November 2021
කොරෝනා රෝගීහු 6689 ක් සුවවී ගෙදර යති ‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 09 November 2021
පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 09 November 2021
කඩිගමුව දුම්රිය ස්ථානය නාය යයි අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ස්ථානයක් සහ දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් නායයෑමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2021
2020 සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 1 සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදළ ප්‍රායෝගික පරික්ෂණ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 09 November 2021
කොරෝනා මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 November 2021
මන්ත්‍රි හරීන් රංජන්ට පුටුව දන් දෙයි රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගන්න නොවේ යැයිද හරීන් ප්‍රනාන්දු මහතා කීය. 09 November 2021
රාජ්‍ය ආයතන දහයක් කෝප් කමිටුව ඉදිරියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප්) කැඳවීමට තීරණය කර ඇත. 09 November 2021
වැස්සෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 7,529 කට අයත් 28,263 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 November 2021
කොටුව - මහනුවර දුම්රිය යළි දැනුම් දෙනතුරු අවලංගුයි අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව - මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 09 November 2021
අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට හෙට සිට යළි අවස්ථාවක් ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව හෙට (10) බදාදා සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 09 November 2021
මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ් මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෝල්ගසකින් ගසා ඝාතනය කර ගමන් බෑගයක බහා සපුගස්කන්ද ප්‍රදේශයේ කුණු ගොඩකට ගෙනැවිත් දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන අඹුසැමියන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියෝග කර ඇත. 09 November 2021
උසස් පෙළ අයැදුම්පත් කැඳවීම 20 දක්වා දීර්ඝ කරයි අපොස උසස් පෙළ විභාගයේ (2021) අයැදුම්පත් යොමු කිරීමේ කාලය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි 09 November 2021
ගුරුවරු කලාප කාර්යාල ඉදිරිපිට විරෝධයේ රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි. 09 November 2021
බසය වෙළට පෙරළී 10ක් රෝහලට දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහලවවැව ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් ලිස්සා ගොස් වෙළකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් දසදෙනකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය කියයි. 09 November 2021
ගුරුවරු මාවනැල්ල පොලිසිය වටලති මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මාවනැල්ල කලාපයේ ගුරුවරුන් අද මහ වැස්සේම මාවනැල්ල පොලිසිය වටලා උද්ඝෝෂණයක නිරතවූහ. 09 November 2021
විශ්‍රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය. 09 November 2021
මුතුරාජවෙළ ගැසට්ටුවට ඇමැති පුල්ලෙත් කනස්සල්ලෙන් මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය. 09 November 2021
මලිගාවත්තේ ෆාතිමා ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි මාලිගාවත්ත ප්‍රදේශයේ ෆාතිමා මුන්ටාස් නැමැත්තිය මෝල්ගසකින් ගසා ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සපුගස්කන්ද පොලීසිය විසින් වැල්ලම්පිටියේදී අද (09) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 09 November 2021
“කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවෙලා’’ චීන පොහොර නැව සම්බන්ධ ප්රශ්නය නිසා රුපියල් කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 November 2021
‘‘භූමිතෙල් පරිභෝජනය වැඩි වෙලා‘‘ වෙළඳ පොලේ භූමිතෙල් ඉල්ලූම දෙගුණ වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. 09 November 2021
රට පනින්න හැදූ 19 ක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී අද (9) පෙරවරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය. 09 November 2021
ආපදා මරණ 11 ක් දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදිය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. 09 November 2021
මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී බව කියමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ඉල්ලා නිදහස් මාධ්‍යවේදියෙකු වන ආනන්ද කීර්ති බණ්ඩාර රත්නායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 09 November 2021
ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද දහවල් රෝහල් කීපයක් ඉදිරිපිට උද්ඝෝෂණවල නිතර වූහ. 09 November 2021
නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් එපා ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවෙමින් පවතින බැවින් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේත් අද (9) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 09 November 2021
මහ වතුර මැද පැය 16 නතර වූ වාහනය පුත්තලමට ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි. 09 November 2021
'කාබනික පොහොර තීන්දුවට එරෙහිව රසායන පොහොර නිෂ්පාදකයන් කුමන්ත්රණයක' රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කාබනික පොහොර තීන්දුව ආපස්සට හැරවීම සඳහා විශාල ආයෝජනයක් කරමින් ලොකු කුමන්ත්රණයක යෙදී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026