සහකාර පොලිස් අධිකාරීවරුන්ට සාධාරණය ඉටු කරනවා සහකාර පොලිස් අධිකාරීවරුන්ට උසස්වීම් පිරිනැමීමේදී යම් නිලධාරියකුට අසාධාරණයක්වී ඇත්නම් ඒ අයට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය 14 දා අවසන් සංචරණ සීමා පවනවා තිබීම නිසා තැපැල් කාර්යාලවලින් රථ වාහන දඩ ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය මේ මස 14 වැනිදා (ඉරිදා) අවසන් වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 09 November 2021
කොළඹ දැරියන් තිදෙනකු අතුරුදහන් කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 09 November 2021
එ.ජා.ප.යෙන් නිවේදනයක් ඉඩම් හානිය සහ වනාන්තර විනාශය 2030 වසර වන විට නැවැත්වීමට සහ ආපසු හැරවීමට පොරොන්දු වන වනාන්තර හා ඉඩම් පරිහරණය පිළිබද ග්ලාස්ගෝ නායකයින්ගේ ප්‍රකාශය පිිගන්නා බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2021
හිනිදුම විහරස්ථානයක හිමිවරුන් 24 කට කොරෝනා හිනිදුම විහාරස්ථානයක හිමිවරුන් 24 දෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසිය. 09 November 2021
සපුගස්කන්දේ මරා දමා තිබියදී හමුවූ කාන්තාවගේ රන් බඩු හමුවෙයි අමානුෂික ලෙස ඝාතනය කර බෑගයක දමා සපුගස්කන්ද කසල ගොඩට ගෙනත් දමා තිබූ කාන්තාව පැළඳ සිටි රන් ආභරණ,මුදල් ,ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි. 09 November 2021
‘රටේ ආහාර හිඟයක් ඇතිවෙමින් තිබෙනවා ’ රටේ ආහාර හිඟයක පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
අගරඳගුරුතුමන්ගේ පෙත්සම සළකා බලන්න දිනයක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිබත් වීම නිසා සිදු වූ සමුද්‍ර දූෂණය හේතුවෙන් සිය ජීවිකාව අහිමි වූ ධීවර ප්‍රජාවට සිදු වූ හානියට වන්දි මුදල් ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් පහක් ලබන දෙසැම්බර් මස 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීරණය කළේය. 09 November 2021
‘ධිවර වරායන් තවත් පහක් ඉදිකරනවා’ ධීවර වරායන් තවත් 5ක් ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 9) පැවැසීය. 09 November 2021
නාරම්මල නිවසකට පස්කන්දක් කඩා වැටී තරුණියක් මරුට නාරම්මල, වෙන්නේරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 09 November 2021
‘වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ’ වාහන කිරීමට සීමා පනවා ඇතත් වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 November 2021
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ සදසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ කොටසක් නායයාමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 09 November 2021
දුම්රියක් පීලිපනී බදුල්ල සිට මහනුවර දක්වා අද(9) අලුයම පිටත්වූ දුම්රියක් හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථානයන් අතර හාලිඇල 177 කි.මී.කණුවට නුදුරු ස්ථානයකදී පීලිපැනීමකට ලක්විය . 09 November 2021
සිම්පත්-මෙමරි කාඩ් සමඟ රැදවියන් දෙදනකු අත්අඩංගුවට ’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පතක්, මෙමරි චිපයක් සහ ලයිටරයක් සඟවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 09 November 2021
සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වර්ජනය අරඹයි සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට සහ ඉල්ලීම් 6කට දීර්ඝ කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක් අද පෙරවරු 7ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. 09 November 2021
යාපනයේ පාසල් වහයි යාපනය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සියලුම රජයේ පාසල් අද දින වසා තැබීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 09 November 2021
රඹුක්කන නාය යාමකින් තිදෙනෙක් මරුට රඹුක්කන උඩගලදෙණිය ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 09 November 2021
ගාල්ලේ කොරෝනා වැළඳුණු සිසුන් ගණන තව ඉහළට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් 22 දෙනකුට සහ ගුරුවරුන් 05 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි. 09 November 2021
වැස්ස 7000ක් අවතැන් කරති දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 1,836 කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 November 2021
බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2021
හපුතලේ පාසල් දරුවන් අටකට කොරෝනා දියතලාව ඇල්ලගම හා කහගොල්ල විදුහල් දෙකේ දූ දරුවන් අට දෙනකු කෝවිඩ් 19 ආසාධිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 09 November 2021
අද ආසාදිතයන් 679 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 167 දෙනකු අද(8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 November 2021
“චීන පොහොර ලංකාවේ ගොඩබෑමට නොදෙන බව නිලධාරීන්ට දන්වලා’’ මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. 08 November 2021
“හොරුන්ට දඩුවම් කරන්න ඇවිත් ඩොලර් මිලියන 20 සාක්කුවේ දාගත්තා’’ එයාර් බස් ගිවිසුම අහෝසි කර වන්දි ගෙවීමේ දී යහපාලන ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 08 November 2021
නීතිවිරෝධීව සූර්වෙන අය සියයට 300කින් ඉහළ ගිහින් ශ්‍රීලංකාවේ තුළ නීතිවිරෝධී මත්වතුර වර්ධනය වේගය සියයට 300න් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ 08 November 2021
තමිල්නාඩුවටත් මහ වැසි බෙංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ද මහ වැසි ඇදහැලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 08 November 2021
පුත්තලමෙත් පාරවල් ජලයෙන් යටවෙයි පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහ වර්ෂා හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා පවසයි. 08 November 2021
කොවිඩ් ආසාදිතයන් තව 512ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 November 2021
අපදාවලට සහන දෙන්න නාවික හමුදාව සූදානමින් දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි. 08 November 2021
කොවිඩ් මරණ 19ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026