කාන්තාවක් බොපේ පෝද්දල ප්‍රාදේශි සභාවේ වහලයට නගී බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් කාන්තාවක් අද (08) දහවල් බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ මුර කුටියේ වහල මත නැගි විරෝධතාවය පල කළාය. 08 November 2021
ජනතා ප්‍රශ්න විසඳන හැටි සජිත් කියයි ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ වියුරුවෙන් නොව සාකච්ඡාව, අහුම්කන් දීම ප්රජාතන්ත්රවාදය වැනි මානුෂීය යහගුණ ධර්ම තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 08 November 2021
රැඳවියන් බැලීම සතියකට දින දෙකයි බන්ධනාගාරගත සැකකරුවන්ට සතියකට දින 2ක් අමුත්තන් බැලීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 08 November 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා ‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2021
කළුතරත් ගම් රැසක් ජලයෙන් යටවෙයි කළුතර ඇතුළු පළාත් රැසකට සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය නිසා කුකුලේගග සහ ම්ල්ලකන්ද ජල මාපකයන්හී ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව කළුතර ආපදා කළමනාකරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් දහවල් පැවසීය . 08 November 2021
ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු විවෘත වෙයි පවතින අධික වැසි සමඟ ඉහල කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ බාර ඉන්ජිනේරුවරු කියති. 08 November 2021
අයවැයදා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කතානායක මැතිසබයට කියයි රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8 )දැනුම් දුන්නේය. 08 November 2021
අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහට ගං වතුර අවදානමක් අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2021
චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලයි විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබෙන කාබනික පොහොර සැපයුම්කරුවකු වන චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් ලක්ෂ 16000 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇති බව වාර්තා වේ. 08 November 2021
සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද(8) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය 08 November 2021
කොම්පෝස්ට් හා වසුරුවල වස ලංකාවේ කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට්වලින් හා වසුරු පොහොරවලින් මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එකතුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ‘ලංකාදීප’යට පැවැසුවාය. 08 November 2021
සිරිල් ගාමිණි පියතුමාගේ පෙත්සම සළකා බැලීම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් , තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (8) දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. 08 November 2021
මාලදිවයිනේ ජනාධිපති මෙරට නිල සංචාරයක මාලදිවයින ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සොලීච් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 08 November 2021
අත්තනගලු ඔය අධි ගංවතුර මට්ටමේ පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද ( 8) උදෑසන වනවිට අධි ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව ගම්පහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 08 November 2021
කොරෝනා යළි හිස ඔසවන ලකුණු දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් රෝහල් පද්ධතියට දැනෙන ආකාරයේ වැඩිවීමක් දක්නට ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 08 November 2021
ඔට්ටමාවඩිහිදී අවසන් ගමන් ගිය සංඛ්‍යාව 3200ක් දක්වා ඉහළට මඩකලපුව ඔට්ටමාවඩි කොවිඩ් පොදු සුසාන භූමියේ භූමිදානය කර ඇති කොවිඩ් මෘතදේහ සංඛ්‍යාව තුන් දහස් දෙසීයක් (3200) දක්වා ඉහළ නැග ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 08 November 2021
’’සියලු පාසල්වල 6-9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු කඩිනමින්’’ දිවයිනේ සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 08 November 2021
කොවිඩ් නිසා දරුවන්ගේ අධ්‍යාපනය පසු බැහැලා ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමෙන් 2021 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 90 කින් ද, සෙසු පළාත්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 70 කින් ද, පාඩුවී ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. 08 November 2021
චීන පොහොර නෞකාව බේරුවල මුහුදු තීරයේ චීන සමගාමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කළ විවාදයට තුඩුදී තිබෙන කාබනික පොහොර රැගත් නෞකාවට බේරුවල මුහුදු තීරයේ තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. 08 November 2021
පොලීසියෙන් යැයි පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ලෙස පෙනී සිටිමින් විමර්ශන සිදුකරන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය . 08 November 2021
වැස්ස අදත් සැර වෙයි බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2021
ආසාදිතයන් තවත් 168ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 November 2021
අග්‍රහාරයට මුදල් කැපීමට විශ්‍රාමිකයෝ විරුද්ධයි අග්‍රහාර රක්ෂණයට මුදල් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධ බවත් ‘කොවිඩ්’ අවදානම තුළ විශ්‍රාමිකයන් ද උද්ඝෝෂණ කරන තත්වයට පත්නොකළ යුතු බවත් සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පවසයි. 07 November 2021
පී.සී.ආර් කට්ටල මිලට ගැනීමේදී රජයට කෝටි 12 පාඩුවක් වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි 12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක් සිදුව ඇතැයි 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. 07 November 2021
කඳසුරිඳුන්ට පිදූ රන් තැටිය ගැන අහන්න අංගොඩ ලොක්කාගේ බිරිය කැඳවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පවසයි. 07 November 2021
සෆාරි ජිප් රිය පෙරළී එකක් මරුට අටක් රෝහලට හබරණ හුරුළු ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසයි. 07 November 2021
ගංගා නවයක් චන්ඩ වෙයි පවතින වැසි සහිත කාලගුණ තත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවලදී ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2021
කොරෝනා මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 November 2021
ගෝලිය කොරෝනාවාර්තා ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 07 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026