ධීවරයන්ට කාලගුණෙන් අනතුරු ඇගවීමක් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයේ සහ දකුණු දිග මුහුදු ප්‍රෙද්ශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 08 November 2021
“කොරෝනා නිසා රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන්’’ කොරෝනා තත්ත්වය යටතේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන් යැයි පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2021
ප්‍රේමලාල් ජයසේකරගේ පෙත්සම සළකාබැලීම අරඹයි රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙක් එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම් විභාගය අද (08) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි. 08 November 2021
‘එක රටක් එක නීතියක්’ බළකාය ව්‍යවස්ථා විරෝධීයි එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 08 November 2021
කර්මාන්ත ඇමැති කර්මාන්ත සමුළුවට ජකර්තා යයි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගිවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය. 08 November 2021
නුවරඑළිය - හැටන් පාරට පස් කන්දක් කඩා වැටෙයි නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද සවස විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 08 November 2021
‘‘පොහොර ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ‘‘ කාබනික පොහොර රැගත් නෞකාව පිළිබඳ ප්රශ්නය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් එය හුදෙක්ම වාණිජ ගණුදෙනුවක් හේතුවෙන් පාර්ශවකරුවන් දෙදෙනකු අතර ඇති වූ ප්‍රශ්නයක් බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (8) පැවසීය. 08 November 2021
‘‘පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ගේ ඇඟ අත ගාන්නේ ඇයි‘‘ පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ඇඟපත අතගා පරික්ෂා කිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ කවුරුන් හෝ බෝම්බයක් වත් ගේනවා කියා බුද්ධි තොරතුරක්වත් ලැබුණු නිසා දැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 08 November 2021
ආඳාදොළ ඇල්ල චණ්ඩ වෙයි වලපනේ සිට පදියපැලැල්ල රිකිල්ලගස්කඩ හඟුරන්කෙත හරහා මහනුවර මාර්ගයේ මුංවත්ත ප්‍රදේශය ආසන්නයේ ඇති ආදාවල දිය ඇල්ල මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ චණ්ඩ ස්වභාවයක් ගෙන ඇතැයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 08 November 2021
පස්යාලේ දී කන්ටේනර් වෑන් ගැටී දෙකක් බිලි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ දන්සැලේ වත්ත ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 08 November 2021
බෙන්තර ජාත්‍යාන්තර පාසලක සිසුන් 17කට කොරෝනා බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකුය කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය 08 November 2021
මාධ්‍යයට එන අයට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක් මාධ්‍ය වෘත්තීයට පිවිසෙන අය සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ලබන මැයි මාසය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2021
ක්‍රිකට් දියුණු කරන්න තීරණ රැසක් ක්‍රිකට් ක්‍රීඩාවෙි දියුණුව වෙනුවෙන් ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගන්නා බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2021
මාවනැල්ලේ ගුරුවරු හෙට පාසල් නොයති මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාල ගුරුවරු අද සංකේත වැඩ වර්ජනයක නිරත වෙති. 08 November 2021
අධිකරණයට අපහාස කළැයි පාදෙණියට එරෙහි නඩුවේ මූලික විරෝධතා තීන්දුව 23 මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට , ඔහු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය. 08 November 2021
එන්නත් කටුවෙන් මත් ලෝලීන් මත් කළ ජංගම මත් වෙළෙන්දා මාට්ටු වේදනා නාශකයක් ලෙස ලබාදෙන අධි මාත්‍රාවෙන් යුතු ඖෂධයක් එන්නත් මගින් මත් ලෝලීන්ට ලබා දුන් බව කියන ජංගම මත් ජාවාරම්කරුවකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 08 November 2021
අංගොඩ ලොක්කාගේ බිරිද කොළඹ අපරාධ කොට්ඨාසයට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශක් දීමට අංගොඩ ලොක්කාගේ බිරිඳ කොළඹ අපරාධ කොට්ඨාසට පැමිණි බව පොලිසිය පවසයි. 08 November 2021
සභානායකවරයා නැතිව මැතිසබය පැය භාගයකට ඇනහිටියි සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සභාවේ නොසිටීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) පස්වරුවේ පැය බාගයකට පමණ ඇන හිටියේය. 08 November 2021
විදෙස්ගත ශ්‍රමිකයින්ට පොදු සමා කාලයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචිය ලබා ගැනීමට සති හතරක විශේෂ සහන කාලයක් කාර්යංශය මගින් ලබා දී ඇත. 08 November 2021
එතෙර රැකියා පෙන්නා මුදල් ගරන කල්ලියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරන විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. 08 November 2021
87 ලක් මව කැනඩා සරසවියකින් පශ්චාත් උපාධියක් ගනී කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක් සමත් වූවාය. 08 November 2021
මස්සිනාගේ පොලු පහරින් මස්සිනා මරුට ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් අද (8) උදෑසන සිය මස්සිනාට කුරුදු පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 08 November 2021
“තාප බලාගාර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න’’ යුග දනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 November 2021
යතුරු පැදි තුනකට වැරදි විදිය ලේඛන දුන් ලිපිකාරිනිය රිමාන්ඩ් නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පැවරුම් අංශයේ යතුරුපැදි තුනක් නියමිත ක්‍රමවේදයෙන් තොරව පරිගණක පද්ධතියට ඇතුලත් කර ලේඛන තුනක් මුද්‍රණය කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුට ගත් එම අංශයේ ලිපිකාරිනිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (08) නියෝග කළාය. 08 November 2021
එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය පොදු ස්ථානවලට ගමන් කරන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 November 2021
ගතවූ සතියේදී සංචාරකයින් 9545 ක් ඇවිත් ගතවූ සතියක කාලය තුල මෙරටට සංචාරකයන් 9,545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 08 November 2021
රාජංගනය-අංගමුව ජලාශවල වාන්දොරටු විවෘත කරයි අධික වැස්ස හේතුවෙන් රාජංගණය ජලාශයේ දොරටු අටක්ද,අංගමුව ජලාශයේ දොරටු දෙකක්ද අද (08)දින පෙරවරුවේ සිට විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු ලක්ෂිත රසික හේමාල් මහතා පැවසිය. 08 November 2021
රජයේ ණය ගැනීම් සීමාව කෝටි 40,000කින් ඉහළට ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 08 November 2021
ආයුර්වේද සේවකයෝත් විරෝධයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු සේවකයන් වෙත ලබා දෙන කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙස බලකරමින් වයඹ පළාතේ ආයුර්වේද රෝහල්වල සේවකයෝ අද දහවල් වයඹ පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 08 November 2021
සඳහිරු සෑයට කොත් පළඳවයි තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත්රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකල අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළඳ වීමේ පිංකම අද උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 08 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026