පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය. 21 January 2022
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට වැලිගම මිදිගම තුර්කි ගම්මානයේදී 46 හැවිරිදි පුද්ගලයෙකුට ඊයේ (20) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 21 January 2022
කොළඹ-මහනුවර දුම්රිය ප්‍රමාදයක් කොළඹ - මහනුවර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 21 January 2022
වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 January 2022
ලොව වටා ගිය සාරා සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරිය සාරා රදර්ෆර්ඩ් සමත් වූවාය. 21 January 2022
දොස්තරට බෝම්බය දුන්න සැකකරු හම්බන්තොටදී අල්ලයි බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 20 January 2022
එම්බාම්කර නිවෙසට ගෙනා කොරෝනා මළ සිරුර ආයෙත් රෝහලට ගෙනිහින් කොරෝනා වැළදුන මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකර ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි. 20 January 2022
අලුත් කොරෝනා ආසාදිතයෝ 827 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 827 දෙනකු අද (20) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 January 2022
තවත් කොරෝනා මරණ 12 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 January 2022
කොළඹ වරාය නගරයේ ඡායාරූප-වීඩියෝ ගත්තොත් ගාස්තු කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබේ. 20 January 2022
ජනාධිපතිගේ රාජාසන කතාව: විපක්ෂයට හැර අනෙක් පක්ෂවලට විවාද කාලය අඩුකරලා ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 January 2022
රජයේ විශ්‍රාම වයස 65 කරයි රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (19) නිකුත් කර තිබේ. 20 January 2022
විජය - හෝකන්දර මුද්‍රණාලයට සම්මානයක් ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2021 උළෙල (National Cleaner Production Awards 2021) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි. 20 January 2022
හමුදා තාත්තා එක්ක පුතා සිසුවකුට තඩි බාලා පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටී 14 හැවිරිදි පාසල් සිසුවකුට පිය පුතු යුවළක් යතුරුපැදියකින් පැමිණ අමානුෂික ලෙස පහරදුන් බවට ලද පැමිණිල්ලක් අනුව 17 හැවිරිදි පාසල් සිසුවකු අද (20) අත්අඩංගුවට ගත්බව දකුණු කළුතර පොලිසිය පවසයි . 20 January 2022
ඉදිරි මාස තුන තුළ රසායනික පොහොර සඳහා සහනාධාරයක් ඉදිරි මාස තුන ඇතුළත රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීමට හෝ පොහොර මිල අඩු කිරීමට කටයුතු කරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය. 20 January 2022
පැරා ලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ්ට අගමැතිගෙන් නිවසක් ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරඟාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නව නිවසක් ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්ද සිදුකෙරිණි. 20 January 2022
මිල්කෝ වෙතින් කිරි ලීටරයකට අමතර රු: 5ක් කිරි ගොවීන්ට දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දැමූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 January 2022
“සිරිමතීපාය” විවෘත කරයි කොළඹ, මල් පාරේ පිහිටි නවීකරණය කරන ලද “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ සිදුකෙරිණි. 20 January 2022
වනිඳු - චමීර ලෝක එක්දින පිලට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) නම් කළ 2021 වසරේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති. 20 January 2022
‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 January 2022
‘කළ යුත්තේ වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීමයි ‘ අප පාර්ලිමේන්තුවේ දී කළ යුත්තේ ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ වැට්ටීම නොව වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 January 2022
දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ පනත මැතිසබයට දත්ත ආරක්ෂණ අධිකාරිය නමින් වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. 20 January 2022
‘කොවිඩ්’ එන්නතට බයේ ඉන්දීය ගැමියෝ ගස් නැගලා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 20 January 2022
මහ බැංකුව නිත්‍ය තැන්පතු - ණය අනුපාතිකය ඉහළ දමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 January 2022
නිරෝගී දරුවන්ට බූස්ටර් ඕනෑ නෑ පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘බූස්ටර්’ එන්නත් ලබා දීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසයි. 20 January 2022
විදේශ විනිමය අර්බුදය දිනේෂ් මැතිසබයේදී පිළිගනී රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින බව පිළිගන්නේ යැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය. 20 January 2022
කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ ඉහළ යාමක් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ ඉහළ යාමක් යළිත් දක්නට ලැබෙන බවශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය. 20 January 2022
හිටපු පොලිස්පතිට එරෙහි නඩුවේ තීන්දුව ලබන 18 දා නීතී විරෝධී නොකර හැරීම මගින් පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ සලස්වා පුද්ගලයින් ඝාතන සහ තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පුජීත ජයසුන්දර මහතා නිදහස් කරන්නේද ? එසේත් නැත්නම් ඔහුට එරෙහිව විත්ති වාචික කැදවන්නේද යන්නේද? පිළිබද තීන්දුව ලබන මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) දැනුම් දුන්නේය. 20 January 2022
හිජාස්ගේ ඇප සළකා බැලිම ගැන නීතීපතිගෙන් ප්‍රකාශයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි අවසන් වීමෙන් පසු ඔහුගේ ඇප සම්බන්ධ සලකා බැලීම සිදුකළ හැකි යැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී අද (20) ප්‍රකාශ කළේය . 20 January 2022
පක්ෂ නායක කමිටුව පිහිටුවයි පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය ඇතුළු බොහෝ කටයුතු තීරණය කරන ප්‍රධාන ව්‍යුහයවන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (20) පත් කරනු ලැබීය. 20 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026