(අංජුල මහික වීරරත්න)
වසරක් තිස්සේ දෑසට නොදුටු ගෑස් ,දෙවසරක් තිස්සේ නුදුටු රසායනික පොහොර දැන් ටිකෙන් ටික ඇසට යළි පෙනෙන්නට පටන්ගෙන තිබෙන හෙයින් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට මාස හයක් නිරවුල්ව රට ගෙන යන්නට ඉඩ දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ මොහොතේ වෘත්තීය සමිති බෝඩ් ඉස්සුවොත් සිදු වන්නේ නැවත ඩීසල් ,පෙට්රල් නැති වීම යැයි ද එයින් විනාශ වන්නේ තරුණ පරපුරේ අනාගතය යැයිද අබේවර්ධන මහතා කීය.
වෘත්තිය සමිතිවලටත් අයිතිවාසිකම් තිබෙන නමුත් දැන් තිබෙන්නේ වැටුණු බංකොලොත් වුණු රටක් බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ එතුමාට මෙන්ම රටටත් ඇඳි වත පවා අහිමි වුණ අවස්ථාවක යැයිද රනිල්ට පොඩි ඉඩක් දෙනවා යනු පෙට්රල්, ඩීසල්, භුමිතෙල් ප්රශ්න විසඳී රට යළි හරි පාරට වැටීම බවද එජාප සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට සම්පූර්ණ වගා කිරීමට ඉඩම් දෙන්න.... නැගෙනහිරට සම්පූර්ණ වෙළඳාම් බලතල දෙන්න... දකුණට හිඟාකෑම තහනම් සටන්පාඨ කරගෙන යන්න ඉඩ දෙන්න...! රටටම උතුර නැගෙනහිර දෙරුවන් සරණයි...!
ඇසට නොදුටු තනතුරුත් පෙනෙමින් තියෙන්නේ
How much you have to pay for fertilizer. Are you going to subsidize by yourself. No jokes please.
මේ මනුස්සයාගේ මූණ දැක්කාම මට මහ එපා කරපු හැඟීමක්.
එතකොට ගෑස් ගෙනාවේ රනිල්ද? ඩීසල්, පෙට්රෝල් නැති කාලේ වෘත්තීය සමිතියද? නිකන් කුලියට කහින්නෙ නැතුව ඉන්න. තමන් දාගෙන හිටපු මුකවාඩම අනුන්ට දීලා පොරවෙන්න ගිහින් පචවේච්ච මහත්තයෙක්නෙ මේ කියන්නේ
අනිවාර්යයෙන්ම, එතකොට තමයි ඉතුරු ටිකත් හොරාකන්ඩ පුළුවන්.
මේ තියෙන්නේ ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇණවුම් කළ ගෑස්, තෙල්. නැතුව මෙයාලා ඇවිත් කරපුවා නොවේ. මෙයාලා ගෙන එන තෙල් ගෑස් එන්නේ තව මාස දෙකකින්.
මේ අවස්ථාවේ මිනිස්සු විදින දුක අමාරුකම් සිතා සියලු මැති ඇමති වර්න්ගේ වරප්රසාද කපා දමා ආදර්ශයක් වෙන්න. ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න.
He robbed the central bank SL with his friends last time and this time he started to rob the money that is given by World Bank k to purchase gas for poor Sri Lankans , can not think how he is going to resolve the issues guy like his and people around him
රනිල්ට පින් සිද්ද වෙන්ඩ ඇවිත් ,මොනවා කියන්ඩ බැරී ද?
හාමුදුරුවෝ කියන අර හාමුදුරුවන්ට බෙදන්න කියලා. එතකොට මටත් බෙදෙන බව දන්නවානේ
ඉස්සරහින්ද? නැතිනම් පිටිපස්සෙන්ද?
දැන් වෙලද පොලේ ඇති ගෑස් මිලදී ගෙන ඇත්තේ ලෝක බැංකුව ලඛා දුන් ඩොලර් මිලියන 70 ණය මුදලිනි. ඵය පොලිය සමග ආපසු ගෙවිය යුතුය. එසේම තෙල් පෝලිම් යම් තාක් දුරකට නැතිවී ඇත්තේ QR කෝඩ් එකෙන් ඉල්ලුම කෘතීමව යටපත් කර ඇති නිසාය. ඵසේ නැතිව තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර නැත.
පුච්චපු ගෙවල් ටික හදලා දෙන්නද?
මහින්දලාඑඉ unp. Ekai. නේ වැඩ කරන්න දෙන්න නැත්තේ
කොයි පැත්තෙන්ද?
රනිල් ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ unp. අයනේ තනතුරු ඉල්ලනවා.
අම්මෝ දත කට මෑදගෙන ඇමති කමක් ගන්න කොල්ල බලන් ඉන්නේ දෑන්, ඔයාලට මතකද දන්නේ නෑ මෙයත් ඒ කාලෙ යුද්දෙ දිනුවොත් ඈමති කමෙන් අයින් වෙනව කිව්ව කෙනෙක් තමයි.....
එයා තට්ටු 3 ගෙවල් හදන්නත් යෝජනා කළානෙ. එයාගෙ ජාමෙ හරිනෙ. අරගලයෙන් එයාල ගොඩ. අපි තාම වළේ.
වජිරගේ කටින් වැදගත් යමක් ඇහුවමයි.