නීති දමා මන්ත්‍රී විනය හදන්න කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2022
හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 January 2022
අයිස් පොවා තරුණියන් දූෂණය කළැයි කියන ඒජන්සිකරු අල්ලයි මහනුවර ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවෙක් අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 19 January 2022
සේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතිය සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 19 January 2022
නව ගුවන් පාලම් හතරකට අනුමැතිය නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 19 January 2022
පී.බී ගේ පුටුවට ගාමිණි සෙනරත් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ. 19 January 2022
ජර්මන් - ජපන් යුද නෞකා පිටත්ව යයි ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු කළාපයේ නාවික අභ්‍යාසයක නිරත වූ ජර්මාන් සහ ජපන් නාවික හමුදාවන්ට අයත් නෞකා නාවික අභ්‍යාසය අවසන් කර පිටත්ව ගියේය. 19 January 2022
ජාතික දන්ත රෝහලේ ‘එක්ස්රේ කාඩ්’ නෑ කොළඹ ජාතික දන්ත රෝහලේ මාස කීපයක සිට කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ නොමැති වීමෙන් ‘එක්ස්රේ’ පරීක්ෂණ වාර්තා ලබාගත යුතු රෝගීහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 19 January 2022
වෙළේ වැටි මියගියැයි සිතුවත් සිහිය තිබිලා යතුරු පැදිය අනතුරට ලක්ව බරපතල තුවාල ලබා සිහිසුන්ව හාලිඇල-බණ්ඩාරවෙළ මාර්ගයේ උඩුවර වෙළට වැටී සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක් අනතුර සිදුව පැය කීපයකට පසු පොලිසිය විසින් රෝහල්ගත කරනු ලැබීය. 19 January 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ ගිනි අවි බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 19 January 2022
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 19 January 2022
‘ඉදිරි අවුරුදු 3 ගැන රාජාසන කතාවේ වචනයක්වත් නෑ‘ ඉදිරි අවුරුදු තුන රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ වචනයක්වත් සඳහන් නොවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 19 January 2022
පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4 කට කොරෝනා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් සිවුදෙනකු හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 19 January 2022
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10 ක් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කර ඇත. 19 January 2022
වරායේ සිරවු සහල් කන්ටේනර් ගන්න ඩොලර් ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද(19) ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 January 2022
රාජ්‍ය ඇමති ෂෙහාන්ගෙන් මෛත්‍රීට ටොක්කක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ආණ්ඩුව තුළ සිටින්නේ අසතුටින් නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ කාර්යභාරය කිරීම වඩා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 19 January 2022
අද දවස ගැන කාලගුණයේ අනාවැකිය ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලට වැසි සරවල්පයක් ඇති වේ. 19 January 2022
දේශීය සංචාරකයින්ට නොසළකන ආයතනවල බලපත්‍රය අවලංගුයි සංචාරක සේවා සපයන ඇතැම් ආයතන දේශීය සංචාරකයින් නොසළකාහරිමින් විදේශිකයන්ට පමණක් සැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 January 2022
සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්තගේ පවුලට ඩොලර් ලක්ෂයක් පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් පරිත්‍යාග කර ඇත. 18 January 2022
බොරැල්ල දේවස්ථාන බෝම්බයට විශ්‍රාමික වෛද්‍යවරයකු අල්ලයි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි 18 January 2022
ආසාදිතයන් 772ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 672 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 18 January 2022
විපක්ෂයේ මන්ත්‍රිවරු ජනපතිගේ තේ පැන් එපා කියති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමුත්තන් සඳහා ලබාදුන් තේ පැන් සංග්‍රහය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කර ඇත. 18 January 2022
කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ රුපියල් ට්‍රිලියන 6 ඉක්මවා ගියේය. 18 January 2022
තවත් කොරෝනා මරණ 13 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 January 2022
සංස්ථා ගබඩාවල තෙල් ඇත්තේ තව දින දහයකටයි තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණක් බව සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 January 2022
ගම්මන්පිලගෙන් මැතිඇමැතිවරුන්ට පාඩමක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මැතිඇමතිවරුන්ට අද කරුණු පැහැදිලි කර දුන් බව අගමැති කාර්යාලය පවසයි. 18 January 2022
පිරිවෙන් ගුරුවරැන්ගේ වැටුපත් අලුත් වෙයි ගුරු සේවය සඳහා ක්‍රියාත්මක වන වැටුප් ක්‍රමවේදය අනුව පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප ද පෙබරවාරි මස සිට සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය. 18 January 2022
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ලබන 20 වැනිදාට යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළේය. 18 January 2022
සුදුලුණු නඩුවේ පැමිණිලිකරුට තර්ජනය කළ සිද්ධියට විමර්ශනයක් ආනයනය කරන ලද සුදුලූණු බහාලුම් දෙකක් අනුමැතියකින් තොරව පවරා ගැනීමේ සිද්ධියට අදාළව වරාය අධිකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් ඉල්ලා අස්කර ගන්නා ලෙසට එම සිද්ධියේ පැමිණීලිකරුට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද (18) කරුණු වාර්තා කර ඇත. 18 January 2022
සපුගස්කන්ද - කැලණිතිස්ස නවතී සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අප පස්වරුවේ නැවත වරක් නතර කෙරිණි. 18 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026