‘මැණිකේ මගේ හිතේ’ මෝදිගේ වේදිකාවේ ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතයේ තනුවට අනුව නිර්මාණ කර තිබේ. 18 January 2022
මධ්‍යම අධිවේගයේ මීරිගම පිවිසුමේ වාහන තදබදයක් කුරුණෑගල සිට අධිවේගී මාර්ගයේ මීරිගම දක්වා පැමිණි රථ වාහන ප්‍රමාණය අද 17 පස්වරුවේ ඉහළ යාමත් සමඟ ධාවන තීරු පහකින් වාහන පිටත් කරවීමට බලධාරීහු පියවර ගත්හ. 17 January 2022
පානදුර මුහුදේ තාත්තා සමග දි නෑ පුතා අතුරුදහන් පානදුර මුහුදු වෙරලේ සිය පියා සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිළී අතුරුදහන්ව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 17 January 2022
කොරෝනා මරණ හතක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 January 2022
දක්ෂිණ අධිවේගී අනතුරක් නිසා දැඩි වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල සහ අතුරුගිරිය අතර ප්‍රදේශයේ කොන්ක්‍රීට් තට්ටුවක ජීප් රථයක් ගැටී ජීප් රථය පෙරලීම හේතුවෙන් කොට්ටාව සිට කඩවත දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි. 17 January 2022
සරුංගලයත් සමග ඉහළ අහසේ පාවූ ජීවන ගැටළු යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරළ තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් අද සංවිධානය කොර තිබුණි. 17 January 2022
අබුඩාබියේ තැන් දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකක ට ඩ්‍රෝන මඟින් ප්‍රහාර දෙකක් සිදුකර ඇති බව අබුඩාබි පොලීසිය පවසයි. 17 January 2022
නිලා වික්‍රමසිංහ දිවිරඟ මඬලට සමු දෙයි මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්රප්ත වූවාය. 17 January 2022
‘කිරිපිටි හිඟයේ නිමාවක් නෑ‘ රටතුළ පවතින කිරිපිටි හිඟය නිමවන දිනය සහ රටතුළ ණයවර ලිපි නිකුත් කිරීම සාමාන්‍ය තත්වයට පත්වන දිනය සමඟ සමානුපාතිකව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 January 2022
ලංවිමට වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ලෙස අචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී. 17 January 2022
‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘ තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. 17 January 2022
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ විශ්වාසනීය නෑ‘ පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 17 January 2022
ආනන්ද සංගරීටත් කොවිඩ් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරී මහතාටද ඔහුගේ ඥාතීන් කිහිපදෙනකුටද කෝවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 17 January 2022
මුල්ලේරියාවේ පී.සී.ආර්. කට්ටලවලින් ලක්ෂ 450 ක දූෂණයක් මුල්ලේරියාව රසායනාගාරයේ පී.සී.ආර්. කට්ටලවලින් රුපියල් කෝටි හතරහාමාරක (ලක්ෂ 450) දූෂණයක් සිදුවී ඇති බවත් රුපියල් කෝටි 25 ක් වැයකරමින් ඉදිරිකළ එම රසායනාගාරයේ කෝටි පහක්වත් වටිනා උපකරණ නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (17) පැවසීය. 17 January 2022
සහල් ආනයනය ‘මාෆියාවට’ පිළිතුරක් පමණයි පොළොන්නරුවේ සහල් මාෆියාවට පිළිතුරක් ලෙස පමණක් රජය සහල් ආනයනය කරන බවත් පොළොන්නරුවේ සහල් මෝල්හිමියන් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 කට අළෙවි කිරීමට සැළසුම් කරමින් සිටි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) පැවසීය. 17 January 2022
කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක පාඩුවක් මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාරදී නැතැයි කියන සිද්ධියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 17 January 2022
‘ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා‘ දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙමින් තිබියදී ජනතාව මුළා කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 17 January 2022
රැදවියන් 07ක් මානව බලදක්ෂයින් ලෙස දිවුරුම් දෙයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වතාවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකු මානව බලාදක්ෂයින් වශයෙන් දිව්රුම් දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2022
සංචාරකයන් 39,000 ක් පසුගිය සති දෙකේ ඇවිල්ලා මෙම වසරේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 39,172 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන් 6,963 ක් රුසියානු සංචාරකයන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසසන්න රණතුංග මහතා පැවසීය. 17 January 2022
දුරුතු පොහොයට වෙහෙර විහාර පිරි යති මෙම වසරේ පළමු පොහෝය වූ අද දින සැදැහැවත්හු සිය ආගමික කටයුතුවල නිරත විම සඳහා වෙහෙර විහාරස්ථාවලට පැමිණියහ. 17 January 2022
විදුලිබල ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතකු වන නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. 17 January 2022
පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය හෙට අරඹයි නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 17 January 2022
අවපීඩන පත් මෙක්සිකානුවාට නාවික හමුදාවෙන් ප්‍රතිකාර අවපීඩන තත්වයට පත්ව සිටි විදේශීය ජාතික කිමිදුම්කරුවෙක්ට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවය ලබා පසුගියදා පිටත්ව ගිය බව නාවික හමුදාව පැවසීය. 17 January 2022
මධ්‍යම අධිවේගයේ අදායම පළමු පැය 12 දී 28 ලක්ෂය පන්නයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල රුපියල් විසි අටලක්ෂ පන්දහස් එකසීයක ආදායමක් උපයා ඇත. 17 January 2022
‘නාටක පෙන්වා ආරක්ෂක අංශ හෑල්ලු කරන්න එපා‘ අනේකවිද අර්බුදවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට තව දුරටත් නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශන වල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 17 January 2022
බෙන්තොට තරු හෝටලයෙන් කොරෝනා පොකුරක් බෙන්තොට තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් 32ට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු තිස් පස් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද තහවුරු කළේය . 17 January 2022
සිංගිමලේ ජලාශයේ පුද්ගල මළ සිරුරක් හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද සොයාගත් බව හැටන් පොලිසිය පවසයි. 17 January 2022
වෑන් රිය ප්‍රපාතයේ 10ක් රෝහලේ රියැලිටි වැඩසටහනකට සහභාගි විි ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් බලන්ගොඩ සිිලගම ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් කළ 10 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. 17 January 2022
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනගිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (17) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2022
කූරගල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් කූරගල දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 17 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026