
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකකය භාවිතා කිරීමට පසුගිය මස ඉන්දීය මහ බැංකුව ඉඩ ලබා දුන්නේය . ඩොලර් මත යැපීමකින් තොරව රුසියාව සහ ශ්‍රී ලංකාව සමඟ ද්වි පාර්ශ්වික වෙළඳාම පහසු කිරීම සඳහා ගත් තීරණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් වෙළඳ කටයුතු සිදු කිරීමේදී විශාල වාසියක් අත්වන බව බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා පෙන්වා දුන්නේය. නමුත් ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ සිදුකරන වෙළඳ කටයුතු වල වටිනාකම වෙන් වෙන්ව ප්‍රකාශ නොකළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
ඉන්දියාව රුසියාව සමඟ පෙබරවාරි මස සිට ජූලි මස දක්වා කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කර ඇති බවත් එහිදී ප්‍රධාන වශයෙන් ආනයනය කර ඇත්තේ බොරතෙල් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර සීයට දහයෙ මිනිහ හෝ ගාලා ගනන් බලනව අති.. මෙකෙන් ලාබෙ කීයද, ලැබෙන පංගුව කීයද කියල.
බොරු ප්‍රචාර පතුරවමින් ජනතාව මුලාවෙ දානව !!!
ඉන්දියාවයි රුසියාවයි එක්ක " චක්ගුඩු " ගහන්නයි යන්නෙ .. ඕන් බලාගනිල්ලා !!!
හුටා දැන් ඉන්දියන් රුපියලුත් හොයපල්ලාකො.
දිනපතාම ලෝක බොරුවක් !
ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට වෙර දරයි. එය සිදු වන්නේ නම් ලංකාවේ ආර්ථිකය ඉන්දියාව සතු විය හැකිය.
කෝ අර සමනල වන්දනාවෙ යෙදෙන දුග්ගන්නරාලල? එන්නකො මෙකටත් තුන පහ දාන්න...ඔයාලගෙ කාලකන්නි අදහස් නැතුව හරි අඩුයි වගෙ..
ලංකාවට ඩොලර් හොයලා දෙන්න ඉන්දියාවටයි රුසියාවටයි ඇති කැක්කුම මොකක්ද? මේකෙන් ආයෙත් වතාවක් අමුඩ කොටෙත් තවත් වතාවක් උගස් තියන්න වෙනවා සිකුරුයි.
ඉන්දියාව රුසියාවෙන් ආණ්ඩුවට අරන් ලංකාවට වැඩි මිලට විකුණයි...
අර ජර්මනියෙ තිබුන " වොක්ස්වැගන් ( VW ) කොම්පනියත් ලංකාවට ගෙනාවොත් ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයමනෙ !
නේපාලය වෙනම රටක්. නමුත් භාවිතා කරන්නේ ඉන්දියන් රුපියල්.. ඒ කියන්නේ ඉන්දියාවේ නොනිල ප්‍රාන්තයක්. ලංකාවේ රුපියල බාල්දු නිසා ඉන්දියාවේ රුපියල ගේන්න හදන්නේ. ලංකාවේ අය කැමති වෙයි එක පයින්. ඉන්දියන් රුපියල් බාල්දු නෑ ඩොලර් ලග. නමුත් ලංකාව ඉන්දියන් රුපියල් භාවිතා කරන්න ගිහාම ලංකාව ඉන්දියන් ප්‍රාන්තයක් වීම වලක්වන්න බැහැ. ඉන්දියාව ඒකට තමයි පහුගිය දවස්වල උදව් කලේ බංකොලොත් ලංකාවට
ඍජුවම රුසියාවෙන් තෙල්, ගෑස්, ධාන්‍ය ගන්න ක්‍රම ඉක්මනට සොයා බලන්න.
අපිට ඉන්දීයානු රුපියල්වලින් ණයක් දීලා එගොල්ලො රුසියාවෙන් ලාභෙට තෙල් අරන් අපිට විකුණන්නද යන්නේ? ටිකිරි මොළේ. තවත් මුක්කු නොගහ චීනටවත් ගිහින් බැලුවනම් මොකද මේ වේලාවේ යුරෝපා රටවල් ඉන්දියාව තරහ කරගන්නෙ නැහැ.