(යොහාන් භාසුර)
විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදිංචි අංකයක් සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලින වන පහසුකම් සංවර්ධනය කිරීම, අවශ්‍යතාවය අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සහ කිව්ආර් කේත නීතිවිරෝධීව සකස් කරන පුද්ගලයන් සහ භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබදව පිළිබඳවද එම අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව මාර්ගගත ක්‍රමයට පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා බව එම අමාත්‍යංශයේ වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් තිබෙන ඕනෑම කෙනෙකුට පෝලිම්වලින් තොරව ඉන්ධන ලබාදෙන ක්‍රමයක් හදුන්වා දෙන්න.
Dear Minister Please arrange a fuel card ( a credit card) that can be used for a full tank of any vehicle. And impose a condition that the fuel card shall be topped-up only with foreigen currencies. Number of our relatives in overseas are happy to donate a fuel tank. This will attract foreign currencies.
To minister. Please consider for who work in abroad for their vacation and who send money to bank. Give little bit pirotiy. Thanks
රටේ වැසියන්ට නැති දේවල් විදේශිකයින්ට ...??? අපේ බදු සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිත ගතකරන පාලකයො ආවඩන්නෙ විදේශිකයින්ටද ?!
ඉතාම වටිනා අදහසක්. තව ටිකක් කලින් කළානම්
අපේ රටේ මිනිස්සු ඉන්ධන පෝලිම්වල මියැදෙනවා.
මෙය බොහොම හොඳ වැඩක් එන අපිට අඩුම ගාණේ ගමනක් බිමනක් යන්න, අවශ්‍ය ආයතනයකට යන්න ඉන්ධන ලබාදෙන්නේ. කොහොමද එයට අවශ්‍ය කරන්නේ මොනවාද කොතැනට යන්න ඕනේ පිළිබඳ විස්තර කරන්න