(රන්ජන් කස්තුරි)
අපනයනවලින් ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කරන යෝජනව ප්‍රායෝගික නොවන පදනම් විරහිත ප්‍රකාශයක් යැයි අපනයනකරුවෝ පවසති.
මෙරට බැංකු පද්ධතියෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම සහ ඩොලර් නිකුත් නොකිරීම නිසා අපනයන සමාගම්වලට ඩොලර් යම් ප්‍රමාණයක් විදේශ බැංකුවක රඳවා ගැනීමට සිදුවන බව ද ඔවුහු කියති.
එසේ නොකළහොත් අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයටත්, විදේශ ආයතනවලින් ලබාගත් ණය වාරික ගෙවීමටත් නොහැකි වන බවද අපනයනකරුවෝ පෙන්වා දෙති.
අපනයන සමාගම් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හා පර්යේෂණ සඳහා ද යම් ඩොලර් ප්‍රතිශතයක් තබාගැනීමට අවශ්‍ය බවද අපනයනකරුවෝ කියති.
මහ බැංකු අධිපතිවරයාගේ යෝජනාව රත්තරන් බිත්තර ලබාගැනීමට කිකිළියට වෙඩි තැබීමක් බඳු යැයි ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබ්රාල්ගේ පළමු කාලේ සිට මොහු තමා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ඒ කියන්නේ මහ බැංකුවේ දෙවනියා. මහ බැංකුවේ සියලු වංචා දූෂණ ඔහුගේ අනුදැනුමකින් තොරව සිදු වන්න බෑ. ඊපීඑෆ් ඊටීඑෆ් අරමුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පාඩු ලැබීම සම්බන්ධව ඔහුට චෝදනා තියෙනවා. මොහු කිසිම දෙයක් දන්නෙ නෑ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි කරගන්න. මොහුගේ උත්සාහය සම්පූර්ණයෙන් බලහත්කාරයෙන් විදේශ ශ්‍රමිකයන්ගේ හා අපනයනකරුවන්ගේ ඩොලර් රට තුළට ගෙන්වා ගැනීම. නන්දලාල් කියන්නේ ඹස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් සහ ඔහුගේ පවුලේ උදවිය ඹස්ට්‍රේලියාවේ පුරවැසියන්. මොහු කොපමණ ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවට ඩොලර් ප්‍රේෂණය කරලා තියෙනවද පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි.
මේ මහ බැංකු අධිපති කුමාර කිසිම ක්‍රමයක් නෑ ඩොලර් වැඩි කරගන්න. ඔහුත් වැඩකරන්නෙ ඒකාධිපතියෙක් විදියට බලහත්කාරයෙන් ඩොලර් වැඩිකර ගන්න හදන්නේ. ඔය රෙගුලාසි අයින් කරලා ඉල්ලුම හා සැපයුම මත ඩොලර් ඒ මිල තීරණය කරන්න ඉඩ දෙන්න. නැත්තං වෙන්නේ ඉදිරියේදී රුපියල සිම්බාබ්බේ ඩොලර් එක ගානට වැටෙනවා.
මේ මහ බැංකුවේ අධිපතිතුමාට කිසිම වැඩපිළිවෙළක් නෑ, ඩොලර් රට තුළට ගෙන්වා ගැනීමට... එකම උත්සාහය බලහත්කාරයෙන් ඩොලර් ගෙන්වා ගන්න. මොහු විසින් හඳුන්වා දුන්න රෙගුලාසි මගින් විනිමය අනුපාතය පාලනය කිරීම නිසා රටට ඩොලර් එන්නේ නෑ. වහාම ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාත තීරණය කරන්න. එවිට රට තුළට ඩොලර් ගලාගෙන එනු ඇත.
තේ , රබර්, පොල් කුරුදුවලට මොන අමුද්‍රව්‍යද මහත්තයෝ. ඕවයේ ඩොලර් අනිවාර්යයෙන්ම ලංකාවට ගේන්න ඕන. ලාභය විතරයි ආයොජකයින්ට අයිති. ඇගලුම්වලට 50% විතර තියා ගත්තට කමක් නැ. ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1ක් උනාට රටට ගේන්නේ මිලියන 200යි. 20% යි. ඉතිරි මිලියන 800ම ගේන්නේ නැ. තෙල්වලට රටේම වියදම මිලියන 550යි.
ඵපා කියල කරන්න හදන්නෙ ඵන ඩොලර් ටිකත් වෙන රටවල තැන්පත් කරන්න. අනීවාර්යෙන්ම රැපියල් වලට මාරැකල යුතුයි.
Export 100% ශ්‍රී ලංකාවට ඩොලර් එවන්න ඕන මේ වෙලාවේ ඩොලර් නැවැතත් importවලට ලබා දෙන්න ඕන QR system එක දාන්න ඕන එතකොට බලා ගන්න පුළුවන් තියෙන ඩොලර් ටිකත් රටින් ගිහිල්ලා ද කියලා...
ඩොලර්වලට රණ්ඩු කිරීමෙන් පලක් නැහැ. කබ්රාල් කෙරෙත් ඒකමයි. ඒකෙන් ඩොලර් ආදායම අඩු වුනා මිස වැඩි වුනේ නෑ. ඩොලර් ආදායම වැඩි කරන්න ප්‍රායෝගික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සුදුසුයි.
අපනයය වෙනුවෙන් එවන ඩොලර්, යුරෝ, වොන්, යෙන්, ස්ටර්ලින් පවුන්, වැනි විශේෂිත මුදල් වෙනුවෙන් 100%රුපියල් නයක් 0%පොලියට ලබාදීමෙන් ඩොලර් සංචිත තරවේවි