(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන්ගත කෙරුණු ඩ්‍රෝන යානයක් ඊයේ (3) පෙරවරුවේ දියවන්නා ඔයට හදිසියේම කඩාවැටී අනතුරට ලක්විය.
මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.
එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානා කිහිපයක් දැනට යොදවනු ලැබ ඇත.
මේ අතර පාර්ලිමේන්තුවට පිටස්තර සතුරු ඩ්‍රෝන යානා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රති ඩ්‍රෝන පද්ධතියක් පසුගිය කාලයේදී එහි ස්ථාපනය කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"...පාර්ලිමේන්තුවට පිටස්තර සතුරු ඩ්‍රෝන යානා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රති ඩ්‍රෝන පද්ධතියක් පසුගිය කාලයේදී එහි ස්ථාපනය කෙරිණ...." මොන තරම් නාස්තියක්ද මේ? මෙහෙ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනවා.
අපරා දෙ ඇලට නෙ වැටුනෙ
බැරි සිල් නොගන් අබරෝ ...
අනේ එකෙ බොම්බයක් හයි කරල මතිසබෙ (හරක් ගාලට කඩා වැටෙන්න ඇරිය නම්. . මෙ රට අපි හෙට වෙද්දි ගොඩ ගන්වනෙ.. අපෙ මුදල් මන්කොල්ල කන එක නවතින නිසා..