ඇනයුම් කළ භාණ්ඩ ප්‍රතික්ෂේප කරලා සීමාසහිත සීනෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක් , පාලම් පාරුවක් සහ දැල් ආම්පන්න තොගයක් ගැණුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා එම පදනමට රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 17 January 2022
ජනපති - අගමැති නව ලේකම්වරු 19 -20 වැඩ බාර ගැනෙති වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ලබන 20 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතව ඇත . 16 January 2022
අද දින නව ආසාදිතයන් 690යි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 690 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 January 2022
එතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණ ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි. 16 January 2022
දමන අනතුරින් තුනක් මරුට:පහකට තුවාල අම්පාර දමන එක්ගල්ඔය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටිම නිසා තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 January 2022
ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසීය. 16 January 2022
‘විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 16 January 2022
‘‘ජූලි වන විට කොරෝනා සැර බාල වෙයි‘‘ ලබන ජුලි - අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ - සෙම්ප්රතිෂ්යාවක තත්ත්වයට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධායනය අනවැකි පළකර ඇති බවට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ දත්ත වාර්තාවකින් පවසයි. 16 January 2022
මුහුදේ නෑමට ගිය කාන්තාව ගිලී මරුට මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් අද (16) මුහුදේ ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි . 16 January 2022
කොරෝනා මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 January 2022
රාජ්‍ය ආයතනවල තොරතුරු සොයයි සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ.රම්‍ය කාන්ති මහත්මිය දැනුම් දී ඇත. 16 January 2022
ලෝක විවාහක රූ රැජිනන් අතර පුෂ්පිකා සිව් වැනි තැනට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා, ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගයේදී සිවුවැනි ස්ථානය හිමික ගැනීමට අද (16) සමත් වූවාය. 16 January 2022
‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘ ’’ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 16 January 2022
ඉන්දියාවෙන් පැය 24ට ආසාදිතයන් 2,71,202ක් ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 271,202 වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා (16) නිවේදනය කළේය. 16 January 2022
ඉදිකරමින් තිබු ගොඩනැඟිල්ල කඩා වැටි දෙකකට තුවාල ග්‍රෑන්ඩ්පාස් තොටළග ඉදිකරමින් පැවැති දෙමල් නිවසක් කඩා වැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 16 January 2022
ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් කෝටියක ලාභයක් කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත. 16 January 2022
ලක්ෂ 15 ක කුඩු සමඟ කතක් දැලේ විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමගින් ඊයේ (15) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි . 16 January 2022
අලුත් පාරේ යන අයට රතු එළියක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින් ධාවනයේ යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. 16 January 2022
බලන්ගොඩ සහ මාවනැල්ල සභාපතිවරුන් තනතුරින් ඉවතට බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරිමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ. 16 January 2022
‘ මධ්‍යම අධිවෙිගයේ කිලෝමීටර් 4ක් හදා ළකුණු දාගන්න හදනවා‘ මධ්‍යම අධිවෙිගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබුනැයි ද වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ හැදුවේ ඉතිරි කිලෝ මීටර් හතරක් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවසීය. 16 January 2022
මධ්‍යම අධිවේගීයේ පොදු ප්‍රවාහන සේවය 20 දා සිට මාධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමත් සමඟ එම මාර්ගය පොදු ප්‍රවාහන බස් ධාවනය මේ මස 20 වැනිදා සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 16 January 2022
බිරිදට-නැන්දම්මාට කැත්තකින් කෙටු සිව් දරුපියා පිළිස්සී මරුට බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සීමෙන් මියගොස් ඇතැයි මහකලුගොල්ල පොලීසිය පවසයි. 16 January 2022
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් අවසන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ පැවැත්වීම ආදි ක්‍රියාකාරකම් රැසක් අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 16 January 2022
කෝටි 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි වව්නියාව ඉරට්ටපෙරියකුලම් අලගල්ල ප්‍රදේශයේදී ලොරි රථයකින් රැගෙන ගිය රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරලගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි. 16 January 2022
ඩෙල්ටා පරදවා ඔමික්‍රොන් වැඩි වෙන ලකුණු ඩෙල්ටා අභිබවා ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය 16 January 2022
අදත් පළාත් කිහිපයකට වැසි නැගෙනගිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 January 2022
ආසාදිතයෝ 661ක් හඳුනා ගැනෙති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 661 දෙනකු අද (15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 January 2022
රුපියල් කෝටි දෙකහමාරක මත්පෙති 4000 ක් රේගුවේ හිරවෙයි රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් මෙතෆෙටමින් අඩංගු එක්සටසි නමැති මත්පෙති 4000 අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 15 January 2022
කළු ගඟට තුනක් බිලි සිරිපා වන්දනාවේ යන අතරතුර පලාබද්දල ප්‍රදේශයේදි කලු ගඟේ දියනෑමට ගිය සිව් දෙනකුගෙන් තිදෙනකු හදිසියේ ගලා සැඩ පහරට ලක්ව පහළට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 15 January 2022
කොරෝනා මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026