IMG-LOGO

ඛනිජ තෙල් ලොක්කෙක්ගේ ඉන්ධන ජාවාරමක් මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි  )

ඩිසල් ලීටර් 6600 රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගින් ඔත්තු බැලීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකු  මෙම ඉන්ධන ජාවාරම මෙහෙයවා ඇති බවත් කටුනායක ප්‍රදේශයේ ආයතනයක් වෙත නිකුත් කරන ලද ඉන්ධන තොගයක් මෙසේ  ලීටරයක් රුපියල් 900 බැගින් අලෙවි කර ඇති බවත් අනාවණය වි ඇත.

වැඩි මිලට ඉන්ධන අලෙවි කරමින් මහා පරිමාණයෙන් ඉන්ධන සැපයීමේ ජාවාරමක් සිදුවන බවට මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයකු මාර්ගයෙන් ඉන්ධන ඇණවුම ලබා දී පාදුක්ක වටරැක ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් සමග අදාල වැටලීම පිළිබදව සම්මුතියකින් පසු එම ස්ථානය මෙහෙයුම සදහා යොදාගෙන අදාල ඉන්ධන තොගය කර්මාන්තශාලා භූමියට රැගෙන ආ පසු සැකකරුවන් හා අදාල ඩිසල් තොගය රැගත් බවුසර් රථයද අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

සූක්ෂම ලෙස වැඩි මිලට විකිණිම සදහා මීගොඩ ප්‍රදේශයට එවා ඇති බවත් එම කටයුතු නිවරැදිව සිදු වන්නේද බැලීමට ඔත්තුකරුවන් දෙදෙනකු ද අදාල ඉන්ධන ලබා ගන්නා බවට පොලිස් උපාය දුතයා පවසා තිබූ කර්මාන්තශාලාව ඉදිරිපිටට එවා තිබූ බවද පොලිසිය පවසයි

අත් අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වෙළඳපලෙහි සමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ විසි අටක් පමණ වන අතර විකිණිමට කටයුතු කර ඇත්තේ ලක්ෂ හැටකට බවද පොලිසිය වැඩි දුරටත් පැවසීය.

මෙලෙස ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියාගේ උපදෙස් මත සිදු කරන ඉන්ධන ජාවාරාමට අදාල ඉන්ධන අදාල ස්ථානය වෙත ගොඩබෑමෙන් පසු ඔත්තුකරුවන් දෙදෙනාට සහ බවුසර් රථයේ රියදුරුට සහ සහායකට විශාල මුදලක් ලබා දීමටද කටයුතු කර ඇති බව සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.



අදහස් (4)

ඛනිජ තෙල් ලොක්කෙක්ගේ ඉන්ධන ජාවාරමක් මාට්ටු

පුරවැසියා.... Wednesday, 03 August 2022 03:24 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි , රටේ සෑම රාජ්‍ය ආයතනයකම පාහේ ඇත්තේ හොරකම , වංචාව සහ දූෂණය බැවින් , මෙම තත්ත්වය දුරු කිරීම පිනිස දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් පවතින අතර තරාතිරමක නොබලා හසුවන රාජ්‍ය සේවකයින්ට උපරිම දඩුවම් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ( හාල්මැස්සන් , තෝරු සහ මෝරු කතාව ඇති නොවන ලෙස මෙය ක්‍රියාත්මක විය යුතු බවත් ඔබ තුමන්ට දේශපාලන සොරෙකු ලෙස හංවඩු ගැසීමක් නොවී ඇති බැවින් මෙය දැඩිව ක්‍රියාත්මක කළ හැකි බවත් දන්නෙමි.)

:       5       5

perakum Wednesday, 03 August 2022 07:52 PM

NPPඑකට පමණයි දැඩි තීන්දු තීරණ සහ දඩුවම් අදාල පුද්ගලයන්ට සාධාරණ ලෙස ලබාදිය හැක්කේ.

:       0       0

Don Abeywickrama Thursday, 04 August 2022 12:24 AM

They all should be sent prison and check how many times these kind of transactions taken place.

:       0       0

munasindisanayake sunil Saturday, 06 August 2022 01:30 PM

ඔවුන්ට අධිකරණය මගින් දඬුවම් පැමිණවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 358 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site