ලක්ෂ 10 ක දුම්වැටි කොල්ලුපිටියෙන් අල්ලයි තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා දුම්වැටි 12,000 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොල්ලුපිටිය නාගරික පොදුවෙළඳ සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය අද (14) සමත් විය. 14 January 2022
‘‘බොරැල්ලේ දෙවස්ථාන සහ ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධිය සමානයි‘‘ බොරැල්ල දේවස්ථානයේ දී සිදුවී ඇත්තේ ඇපලෝ රෝහලේ වූ ආකාරයෙන්ම සිද්ධියක් යැයි මහජන ආරක්ෂක ඇමති රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා බව පවසයි. 14 January 2022
දොඩංගොඩ ප්‍රා.ස.ක්ෂේත්‍ර වැඩ පාලකවරිය අත්අඩංගුවට රජයේ රැකියා ලබාදෙන බව පවසා විශාල පිරිසකගෙන් රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර වැඩ පරිපාලකවරිය බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 14 January 2022
නුසුදුසු පොහොර වෙනුවෙන් කෝටි 107 ක් ගෙවලා සමාගම් එකොළහක් ආනයනය කළ භාවිතයට නුසුදුසු පොහොර තොගයක් වෙනුවෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පසුගිය රජය සමයේදී (2020) වංචනික ලෙස මුදල් ගෙවීමෙන් රජයට රුපියල් කෝටි එකසිය හතකට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ. 14 January 2022
මිනී කාමර සේවකයා රෝහලේ යකා නටයි මංගල උත්සවයකදී හදිස්සියේ අසනීපවී රෝහල්ගත කළ තරුණයකු පානදුර රෝහලේ වෛද්‍යවරුන් පරික්ෂා කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු රෝහලේම මෘත ශරීරාගාරයේ සේවකයකු බව කියන පුද්ගලයකු තවත් පිරිසක් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වැදී පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 14 January 2022
දුම්රිය ස්ථානාධිපතිවරු පොලිසියට කැඳවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස කළ ඇති දැනුම් දීමකට අනුව පොලිසියට පිටත්ව යන බවත් වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කීය. 14 January 2022
පාර්ලිමේන්තු උත්සවයට ආචාර වෙඩි මුර-රථ පෙළපාළි නැහැ නවවෙනි පාර්ලිමේන්තුවේ දෙ වැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු ප්‍රධානින්ට උපදෙස්දී ඇත. 14 January 2022
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ වර්ජනයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිවරුන්ගේ සංගමය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවාවලින් ඉවත්වී ඇත. 14 January 2022
මංගල සාදයේදී ඇද වැටුණු තරුණයා මරුට මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටි තරුණයෙකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය පවසයි. 14 January 2022
තෙල් සංස්ථාවෙන් විදුලියට දිනකට ඩීසල් ටොන් 1500 ක් විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (14) පෙරවරුවේ පැවසීය. 14 January 2022
අලියෙක් නිසා වුණ ඇබැද්දියක් වැල්ලවාය තණමල්වල මාර්ගයේ තෙලුල්ල 38 නළ ලිඳ ආසන්න ප්‍රදේශයේදී අද (14) ඇතිලිවැව සිට කුරුණැගල බලා කුලී ගමනයක් යමින් තිබු වෑන් රථයක අලියෙකු ගැටිමෙන් අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 14 January 2022
පිටින් ඇවිත් කොළඹ ඉන්න අයගේ විස්තර සොයයි පිට පළාත්වලින් කොළඹ නගරයට පැමිණ විවිධ කටයුතුවල නිරත වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (14) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 14 January 2022
ට්‍රැක්ටර් මතු වූ තැන හාරයි මුලතිව් පුදුමාතලන් වෙරළෙන් මතුවූ ට්‍රෑක්ටර් රථය තිබු ස්ථානය මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කැනීම් ආරම්භ කළේය. 14 January 2022
හින්දු බැතිමත්හු සෞඛ්‍යයට තැන දෙමින් තෛපෝංගල් සමරති හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය (14) දිනට යෙදි ඇත. ආගමික වතාවන්වලට මුල්තැන දෙමින් හින්දු භක්තිකයෝ මහත් උත්කර්ෂවත් අන්දමින් තෛපොංගල් දිනය සමරමින් සිටිති. 14 January 2022
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි පළාත් කිහිපයකට අද (14) සවස් කාලයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 January 2022
රට යවනවැයි කියා ලක්ෂ ගණන් සල්ලි ගැරෑ අක්ක නගෝ මාට්ටු යාවත්කාලීන නොකළ විදේශ රැකියා එජන්සි බලපත්‍රයක් යොදාගෙන නීති විරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් රුපියල් 2,445,000 ක මුදලක් වංචා කළ බව කියන සහෝදරියන් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 13 January 2022
විදේශ අරක්කු වෙනුවට වතුර බෝතල් පුරවා වංචා කළාට ලක්ෂ 50 ක් ඇප විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදුවංචා කරමින් ප්‍රතිඅපනයනය කර මහා පරිමාණ ඡාවාරමක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 13 January 2022
අලුත් ආසාදිතයෝ 594 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 594 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 January 2022
බස්රථ දෙකක් - ටිපර් රථයක් ගැටී 8 ක් රෝහලේ වවුනියාව , හොරොව්පතාන එ 22 මාර්ගයේ කැබිතිගොල්ලෑව , කැළෑපුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර ඉදිරිපිටදී බස්රථ දෙකක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් අටදෙනකු තුවාල ලබා අද (13) සවස වවුනියාව රෝහල වෙත ඇතුලත් කළ බව පොලිසිය කියයි. 13 January 2022
ආර්ථිකයක් වහගෙන රටක් ඉදිරියට ගෙනයාම අසාර්ථකයි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 January 2022
කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 January 2022
දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය කීපයේ ගමන් කිරීමට ජනතාව උත්සාහ කිරීමෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (13) පස්වරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය. 13 January 2022
බිරියගේ පැමිණිල්ලෙන් නැන්දම්මාගේ ඝාතනය හෙළිවෙයි බිරියට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ, මොරගොඩ ප්‍රදේශයේ කාන්තාවක විසින් සිය සැමියාට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් මත සැමියා අත් අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැමියා සහ බිරිඳ එක්ව මීට කලකට පෙර බිරියගේ මව ඝාතනය කළ බව අනාවරණය කර ගැනීමට හැකිවූ බව ගම්පහ පොලීසිය කියයි. 13 January 2022
ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. 13 January 2022
ආහාර හිඟයකට ඉඩක් නෑ මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුවද රටෙි ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 13 January 2022
රට බංකොලොත් කළ දේශපාලුවන්ට එරෙහිව අරගලය දිගටම රට බංකොලොත්භාවයට පත් කර ඇති දේශපාලනඥයින් හා ජාවාරම්කාර කණ්ඩායම් වලට එරෙහිව ගෙනයන අරගලය ඉදිරියේදී තවදුරටත් තීව්ර කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 13 January 2022
මුතුරාජවෙළ මායිම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපතිට නියෝග මුතුරාජවෙළ තෙත් බිමෙහි මායිම් ලකුණු කළ සම්පූර්ණ වාර්තාව මාර්තු මස 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නිතිපතිවරයාට අද (13) නියෝග කළේය. 13 January 2022
ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර ගෙන ඇත. 13 January 2022
රුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ක දීමනාව ගෙවීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 January 2022
ඉන්ධන හිඟවීමේ අවදානම පහවයයි රටතුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) පස්වරුවේ පැවසීය. 13 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026