(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර තත්වය හේතුවෙන් අද (2) දහවල් 12.00 වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිදෙනකු මියගොස් සිවු දෙනකු අතුරුදන්ව සිටින අතර පවුල් 254ක් අවතැන්ව සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවැසීය.
අවතැන් වූ එම පවුල් වල සාමාජිකයන් ගණන 648 ක් බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව පූර්ණ නිවාස හානි එකක්ද අර්ධ නිවාස හානි එකසිය හැට අටක්ද වාර්තාවී ඇති බව නන්දන ගලබොඩ මහතා පැවැසීය .
ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇත්තේ කොත්මලේ, අඹගමුව, නුවරඑළිය සහ තලවකැලේ යන ප්‍රදේශයන්ය.
අයහපත් තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලූ පාසල් අද (2) දිනයේ වසා තබනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංවතුරින් නුවරඑළියට වෙච්ච හානිය දිසාපති හෙළි කරයි