නාවල-නුගේගොඩ පාර වහයි නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර අද(13) අලුයම සිට මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ. 13 June 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (13) දිනයේත් වැසි ඇතිවන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2022
චිකාගෝ නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 16 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. 13 June 2022
ජල නළය පිපිරි ප්‍රදේශ රැසකට ජලය නවතී ලබුගම සිට අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් හංවැල්ල නගරයේ දී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත. 12 June 2022
ලංවිම සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද යෝජනාවක් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 June 2022
බැසිල් සිරගත කළ යුතුයි රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 12 June 2022
ඉන්ධන පිරවුම්හල් තොරතුරු ගන්න නව වෙබ් අඩවියක් වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදනය තාක්ෂණ නියෝජිත ආයතනය (අයි.සී.ටී.ඒ.) එකතුව fuel.gov.lk නමින් නව වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ. 12 June 2022
නිවසේ සිට වැඩ කිරීම ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 12 June 2022
කොළඹ කොටුව - මහනුවර නව නගරාන්තර දුම්රියක් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නව නගරාන්තර දුම්රියක් මේ මස 15 වැනිදා ආරම්භ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 12 June 2022
ගසෙන් වැටී සිසුවා මරුට ගසකින් වැටි පාසල් සිසුවෙක් අද (12) මියගොස් ඇතැයි බව මස්කෙලිය පොලිසිය පැවසිය. 12 June 2022
ගෑස් නැව දින 5 ක් මුහුදේ ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (12) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන වි දින 5 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබේ. 12 June 2022
‘‘වැඩ දන්න කෙනෙක් පත් කරන්න‘‘ ලිට්රෝ සමාගමේ වර්තමාන කඩා වැටීමට මෙම වසර තුළ ඉවත්ව ගිය සභාපතිවරු තිදෙනා වගකිවයුතු බවත් නව සභාපතිවරයා ලෙස ගෑස් ව්‍යාපාරය සම්බන්ධ දැනුමක් ඇති පුද්ගලයකු පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සේවක සංවිධානය අද (12) පැවසීය. 12 June 2022
අභයගිරියේ ඉවත් කළ අනවසර ඉදිකිරීම් යළි හදයි ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකිරීමට සූදානම් වෙද්දී උණුසුම් තත්ත්වයක් ඇති විය. 12 June 2022
‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘ ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 12 June 2022
‘ඉන්දීය යූරියා පොහොර නැව ජුලි 10 හෝ 11 ලංකාවට‘ ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 June 2022
සතියක් ගත වුණ ලාම්පු තෙල් පෝලිම කොළඹ සහ අවට ප්‍රදේශවලට දින 7 කින් භූමිතෙල් නොලැබීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 12 June 2022
‘මත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයි‘ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 12 June 2022
පාසල් සිසුවට කොරෝනා එන්නත් දෙකක් ගහලා ගලහා දෙල්තොට කරගස්කඩ ජාතික පාසලේ සිසුවකුට කොරෝනා වයිරසය මැඩලීමට ලබා දෙන ෆයිසර් එන්නත එකම අවස්ථාවේදී දෙවතාක් ලබා දුන් බවට එම සිසුවාගේ පියා ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ට පැමිණිල්ලක් කර ඇත. 12 June 2022
ලංවීම වැඩකට නැති විදුලි ජනන යන්ත්‍ර 50 මිලට අරන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310 ක් වැයකර වැඩ නොකරන( ක්‍රියාකාරී නොවන ) විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගෙන කර ඇතැයි පැවසෙන දූෂණයක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව ) දැඩි අප්‍රසාදය පළවී ඇත. 12 June 2022
තරුණසේවා සභාවේ නම අවභාවිත කිරීම ගැන පැමිණිල්ලක් ජාතික තරුණ සේවා සභාවේ නම හා ලාංඡනය භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් ජපන් භාෂා පාඨමාලාවක් සඳහා යැයි පවසමින් ලියාපදිංචි සහ පාඨමාලා ගාස්තු පෞද්ගලික බැංකු ගිණුමකට යොමුකරන ලෙස ක්‍රියාත්මක කළ කූඨ ව්‍යාපාරයක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති බි්රගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා පැවසීය. 12 June 2022
දින 10 කදී පාස්පෝට් 31,000 ක් නිකුත් කරලා ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම මස මුල් දින 10 තුළ විදේශ ගමන් බලපත්‍ර 31,725 ක් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 12 June 2022
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ සංචාරක උපදේශනය අලුත් කරයි බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය පෙරේදා (10) යාවත්කාලීන කළේය. 12 June 2022
ලුණු වැවේ ගිලි දෙකක් මරුට තඹුත්තේගම ලුණුවැවේ නෑමට ගිය තරුණයන් දෙදෙනකු ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි. 12 June 2022
‘ඉන්ධනවලට සළාක ක්‍රමයක් එනවා‘ රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත ඉන්ධන සැපයීම කළ යුතු බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 12 June 2022
සාමකාමී අරගලකරුවන්ට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට කොළඹ ගාලු මෝදර සහ කොල්ලුපිටිය සාමකාමී අරගලකරුවන්ට පහර දුන් දිනයේ දී කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතුළු කීප දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම ,රජයේ දේපළ වලට අලාභානි කර ගිනි තැබීම සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම හරිත සරසවියේ සිසුවෙක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 12 June 2022
පොසොන් දා රැදවියන් 173 කට නිදහස එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි. 12 June 2022
පුරන් කුඹුරු තරුණයන් ට පවරන්න යයි දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 June 2022
‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එම කමිටුවේදී පසුගියදා කළ ප්රකාශකයකදී කළ ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කරගන්නා බවත් එම අවස්ථාවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ. 12 June 2022
‘ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් බාධා‘ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් වියළි ඖෂධ 237 ක් සහ අමු තත්ත්වයේ ඖෂධ 136 ක් නිෂ්පාදනය කිරීමට නොහැකිව ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කළේය. 12 June 2022
දඩමස් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ වගාකටයුතු අතහැර දැමු ඉඩමක් තුළ දඩ මස් ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවකු ගිනි අවි හා තවත් ආයුධ රැසක් සමග වනජිවි නිළධාරින් අද(12) අත් අඩංගුවට ගෙන තිබුණි. 12 June 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026