
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි කිසිඳු හෝඩුවාවක් තමන්ට නොමැති බවද සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
පරිපාලනය පැවරීමේදී මතුවන ගැටළු සහ අනෙකුත් රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නිවේදනය පවත්වා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අගෝස්තු මස අවසන් වන විට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.එසේම තමන් ජනාධිපති ධුරයට ව්‍යවස්ථානුකුලව පත් වූ බවත් තමන් ජනාධිපති ධුරයට පත්වෙන අවස්ථාවේ අරගලකරුවන් ගොඩනැගිලි අත්පත් කර ගෙන තිබූ බවත් රට දරුණු අර්බුදයකට මුහුණ දී සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් සොයා ගැනීමට හැකියාව තිබෙන බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.ලබන වසරේ පොහොර,ඉන්ධන සහ ආහාර ආනයනය පහසු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් ලබා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.එසේම සැම්බියාව පිළිබඳවද තමන් අවධානයෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ආවා නාවා කියලා මොකද මහත්තයෝ...? එයාට බැරිවුණු වැඩත් එක්ක ඔයා හොඳටම කරන් යන්නේ... එයාලා ආරක්ෂා වෙනවා. ඔයාගේ කට්ටියත් ගොඩයනවා.
එහෙමනම්, මහ ලොකුවට ජනාධිපතිකම බාර ගත්තාට, රටේ ආරක්ෂාවක් නැහැ...
එයා ආවත්, නාවත් ඔහෙලා දෙන්නටම යන්න සිදුවෙන එක නම් නොඅනුමානයි...
ඔබතුමාම හිතන්නකෝ එන්න සුදුසුම කාලය..!
ඔයාගෙ කාලෙත් දැන් හරි...!
අරගල කාරයින් එකිනෙකා කොටා ගන්නා කාලය එනතුරු ඉවසන්න. මොවුන් එකිනෙකා කොටාගන්න කාලය වැඩි ඈතක නැහැ...
ඥාණක්කා වෙනුවට අපට අනාවැකි කියන්න ඥාණපාල කෙනෙක් ඇවිත්...
ඔබතුමාත් ප්‍රමුඛ බොහෝ නායකකාරකාදීන් විසින් විශේෂයෙන්ම 1977 වසරේ සිට සිදුකරන ලද සියලු ආර්ථික නොපනත්කම්වල පව් ගෝඨා මහතා පිටින් යැවීමට තරම් අඳබාල පරපුරක් අරගලකරුවන් නමින් අප රටේ සිටියත් ඔවුන් මෙහෙය වූයේ කවුරුන්ද යන වග තව දුරටත් රහසක් නොවේ. ඇමරිකාව විසින් එහිදී රඟ දක්වන ලද භූමිකාව පිළිබඳ ඊයේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක්ද අනාවරණය කර තිබුණි. එමනිසා මේ රටේ පොදු මහජනතාව කෙසේවෙතත් බටහිර තානාපති කාර්යාල නම් එතුමා නැවත තම මවුරටට පැමිණීම පමා කිරීමට කළහැකි හැම දේ සිදු කරනු ඇත...
කෙසේවෙතත් ගෝඨාභයට ලංකාවට බඩගාගෙන හරි එන්න වෙනවා. නැත්නම් දකුණු අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක වන ද්‍රවිඩ නීතිඥයින් කණ්ඩායමක් ජාත්‍යන්තර වශයෙන් බලපාන පරිදි ලබාගත් අත්අඩංගුවට ගැනීමේ වොරන්ට් එකක් මගින් කොයි මොහොතක හෝ සිංගප්පූරුවේදී හෝ වෙන රටකදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් තිබෙනවා. අපිට අවශ්‍ය ගෝඨාභයව අපේ රටේදීම නඩු අසා අපේ රටේ බලු කුඩුවට දමන්නයි. ගෝඨාභය පමණක් නොවෙයි රාජපක්ෂලාව පැය 24 කදී නඩු අසා ජීවිතාන්තයටම බරපතල වැඩඇතිව සිරදඬුවම් දිය යුතුයි. අනිවාර්යයෙන්ම තව මාස කිහිපයකින් එන නව පාලකයෙක් යටතේ එය සිදුවෙනවා...
අප මව්බිමට විශාල සේවයක් ඉටුකළ, එමෙන්ම තිස් වසරක යුද්ධය අවසන් කොට ලක්වැසියන්ට නැවතත් තම මව්බිමේ නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසා, ඉන් අනතුරුව ආකර්ෂණීයවත් අන්දමට කොළඹ නගරය සැලසුම් කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලාංකික ජනතාව සදා ණයගැතිය. වර්තමාන ආර්ථික ප්‍රශ්න එතුමාගේ වරදකින් සිදු වූවක් නොව කොරෝනාව හේතු කොටගෙන ඇතිවූවකි. සංචාරකයින්ගේ පැමිණීම සම්පූර්ණයෙන්ම නැවතීමත් ඒ හේතුකොටගෙන රටට ලැබෙන විදේශ විනිමය සම්පූර්ණයෙන්ම නවතීයාමත් හේතුකොටගෙන ඉන්ධන සහ ගෑස් ගෙන්වා ගැනීමට අවශ්‍යවන විදේශ විනිමය ප්‍රශ්නය පැන නැගුණි. මේ අවස්ථාවේ ජනාධිපති තනතුරෙහි කවුරු සිටියද ඒ කිසිවෙකුට මෙම ප්‍රශ්නයට කඩි නම් විසඳුමක් ලබාදීමට හැකියාවක් නැත. කොරෝනාව සාර්ථකව පාලනය කොට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිතය බේරා දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අප මාතෘභූමිය සදා විවෘතයි. එතුමා ගෞරවාන්විතව සාදරයෙන් පිළිගැනීම සදාචාර සම්පන්න කෘතගුණ සලකන ජනතාවගේ උදාර ලක්ෂණයකි...
බය වෙන්න එපා. එයා ආවත් ඔයාට අවුලක් නැහැ ඔයාල ඔක්කොම යාලුවෝනෙ.
ළඟදිම එයි... තවත් ඉන්නවනේ මේ රටේ බත් කන හරක්...
පිනට ලැබුණු පින් තනතුර උදර ගනියි කියලා බය ඇති නේද?
අවුරුදු 74ක් තිස්සේ රටට නොගැළපෙන සහ ඔරොත්තු නොදෙන එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ නිසා රට ආර්ථික වශයෙන් පරිහානියට පත්වී ඇති බව පෙනේ. රටට හිතකර ආර්ථික සැලසුම් ක්‍රියාත්මක නොකළ බව වැටහෙන්නෙ මේසා විශාල ආර්ථික අර්බුදයකට අද මැදිවී සිටින නිසයි.
අගෝස්තු අග වෙනකොට කියයි , සැප්තැම්බර් අග කියල. සැප්තැම්බර් අග වෙනකොට කියයි ඔක්තෝබර් අග කියල . ඔය විදියට කිය කිය ඉන්න . අපි එතනමයි .
පාස්කු බෝම්බ මහ මොලකරුත් හොයනවා. මෙයා එන්න අහනවා.
එයා එනවට බයයිද? බයත් ඇති 69 ලක්ෂයක් 2/3 බලයක් එක්ක ලාබය ගත්තු දෙයක්... එක අසුනක්වත් දිනාගන්න බැරිවුණු කෙනා ඩැහැගෙන ඉන්නකොට...
ගරු ජනාධිපති තුමනි , ගෝටලාගෙන් අපට වැඩක් නැහැ. ඔබ මේ රටේ විධායක ජනධිපති. ඔබගේ. බුද්ධිය මෙහෙවා ඔබ මෙ රටේ විධායක ජනාධිපති උනා.ඔබේ නම තියා ගෙන හොඳ වැඩ කරන්න.එතකොට තමයි ජනතාව ඔබව පිලිගන්නෙ. තවත් එක දෙයක් කියන්න තියෙනවා. මේ දෙය හොඳට හිතේ තියාගන්න. මහින්ද වාදියෝ පහුගිය වකවානුවේ ඔබේ පතුරු ගැලෙව්වා. දැන් ඒ තුමාලත් ඔබගේ ප්‍රේමවන්තයෝ වෙලා ඉන්නේ. ඒක හොදයි. නුමුත් පහුගිය වකවානුවේ මහින්ද වාදීන්ට රඟපු රැඟිලිවලට ඉඩ දෙන්න එපා. උන් කරල තියෙන හොරකම් වලින් බේරෙන්න තමයි මාධ්‍යවල මුරුංගා අත්තෙ තියල කතා කරන්නෙ .ඔබ තුමා කිසිම කෙනෙක් නොකල වැඩක් කරන්න. අහිංසක දුප්පත් ජනතාව උදෙසා.
පස්මහ බැලුම් බලලා ඔබතුමාට විතරයි කියන්ඩ පුලුවන් එන්ඩ සුදුසුම වෙලාව? රටට කරපු හානියේ හැටියට හොද ආරක්ෂාවක් තියෙන්නේ හිරගෙදර තමා?
කොරෝනා වසංගත සමයේ තම රටේ ජනතාවට තමන්ගේ මව් රටට පැමිණීමට නොහැකි වෙන සේ රට වසා තැබූ ඒ කුරිරු නායකයා ගැන ඔබට මතකද? මැදපෙරදිග රටවල අසරණ වූ කාන්තාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් ඒ සමයේ මොනතරම් පීඩාවකින් සිටින්නට ඇත්ද? ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් නොකළ, ඇතැම් විට ලෝකයේ චෞර නායකයින් පවා හොරකම නතර කල ඒ වකවානුවේ, කොරෝනාව ගරානාවක් කරගත් නින්දිත නායකයා. ඒ වගේම යුරෝපා රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් නිරෝධායන මාෆියාව හරහා තක්කඩි ගජ මිතුරන්ට ගසා කෑමට සැලැස්වූ පාලකයාට ලෝකයේ නන්නත්තාර වෙන එක ජනතාවගේ ශාපයේ ප්‍රතිපලයක්. කෙසේ උවත් ඔහුට පමණක් නොව මේ පින්බිම හිමිවිය යුත්තේ අමනයින්ට නොව පින්වත් දැහැමි ජාතියකටයි. ඒ උතුම් ජාතිය නම් මෙරටේ සියලුම ජාතීන් අතර වෙසෙන ජාතිය ආගම විකුණගෙන කන, අධම අශිෂ්ඨයින් වැනසී සොඳුරු ශ්‍රී ලාංකික ජාතිය බිහිවීමයි.