IMG-LOGO

මැතිසබා උත්සවයට මෙවර අඩු වියදම් තේ පාටියක්

 

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

මේ අනුව  තේ පැන් සංග්‍රහය කෑම අංග ( Items) කිහිපයකට සීමා කර   සූදානම් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී  මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනපති ධජය සහ  අතිගරු යන නාමය භාවිතා නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් එසේ කටයුතු කරන  බවද  ඔහු සඳහන් කළේය.

උත්සවයේදී  ජාතික ධජය පමණක් එසවීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන  3 වැනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීමට නියමිතය.

උත්සවයට යුද හමුදා  ආචාර වෙඩිමුර 21ක් ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

උත්සව කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය විසි නව වැනිදා සිකුරාදා මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.  උත්සවයට අදාළව  තීරණ ගණනාවක් එහිදී ගත් බව  පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ.



අදහස් (1)

මැතිසබා උත්සවයට මෙවර අඩු වියදම් තේ පාටියක්

Bamunuarachchi Monday, 01 August 2022 03:49 PM

තේ පාටියත් වියදම් වැඩි. නරකද කහට කෝප්පයක් දුන්නොත්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site