(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.
බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන මිල රුපියල් දහයත් විස්සක් අතර සංඛ්‍යාවකින් අඩු කිරීමට පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂි කර්මාන්තයේ නිරත වන ගොවීන්ගේ අස්වනු නෙළීම සඳහාම අවශ්‍ය කරන ඉන්ධන හමුදාව මැදිහත්ව ලබාදීමට නොහැකිද ?
යකෝ තෙල්මිල පහත දාන එක කළාට කමක් නෑ. ඕක පාඩුවට දුවලා ආපහු කෙල කරගන්නවා නෙවෙයි. ඡන්දවලට තෙල් ගණන් අඩු කරලා. කාලකන්නි හැතිකරේ...!
2021දී ඩොලර්ය රු. 200ට තිබිලා රු. 360ට වුණා කියන්නේ 180%යි. පෙට්‍ර්ල් රු. 138 සිට රු. 476 කියන්නේ 345%. හරි නම් සැබෑ මිළ රු. 250 විය යුතුයි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පාලනමිල ක්‍රියාත්මක කරන්න. තෙල්මිල පහත හෙලද්දී එයත් සිදුකරනවා නම් ගොඩක් වටිනවා...
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානී ජනක රත්නායක මහතා පසුගිය 7 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ පරිදි සහ වාර්තා වූ පරිදි එක් ඉන්ධන මිල රුපියල් 200/- කින් අඩු කළ හැකිය.
හරිම හොඳයි
පෙට්‍රල් අධි පරිභෝජනය රටට දරන්න බැරි නිසා නම් තෙල්මිල වැඩිකරපු එක අවුලක් නැහැ. නමුත් ලාභය තනිකර යන්නේ IOC එකට, වැඩිකලේ බදු මුදල් නොවේ ලාභය... කාටද කොමිස් එක යන්නේ? කරුණාකර ත්‍රීවිල්/ ටැක්සි ගාස්තු පාලනය කරන්න. ඒවා කරන්න තමයි රජයේ ආයතනවල ඉන්න අයට, ප්‍රාදේශීය සභා, පළාත්සභා, පාර්ලිමේන්තුවල ඉන්න මන්ත්‍රිලාට පත්වීම්, දීමනා දෙන්නේ... දැන් තියෙන්නේ ත්‍රිවිල් මාෆියාවක්. මීටර් හයි කරන්න කියන්න ආණ්ඩු/ විපක්ෂ බයද?
දේශපාලකයින්ට මෙන්ම රාජ්‍ය නිලධාරින්ට අනවශ්‍ය ලෙස වාහන සියල්ල නතර කළහොත් මාසයකට අඩුම තරමින් තෙල් නැව් දෙකක් නතර කරන්න පුළුවනි. ඒ නිසා පළමුව අනවශ්‍ය වියදම් සියල්ල කපා හරින්න. අරපිරිමැස්ම පටන් ගන්න ලොකු ලොකු තැන්වලින්. ඒක තමයි රටට දෙන ආදර්ශය. අරගලකරුවන් යෝජනා කළ බොහෝදේ ඉතා සාධාරණයි. ඒවා ගැන නිතර නිතර සැලකිලිමත් වෙන්න. අද ගැන නොව, අනාගත පරම්පරාව ගැනහිතලා වැඩ කරන්න. ඇන්ඇම්, කොල්වින් වගේ මේ පැරණි දේශපාලකයින් බොහෝ දෙනෙක් කටයුතු කළේ ඒ විදියට... මේ වැඩ සියල්ල පටන් ගත්තේ ජේ.ආර්. ගෙන් පස්සේ. එසේ නොකළහොත් රටට හානි කරන හැම දේශපාලකයෙක්ම අවසානයේදි වැටෙන්නේ කුණු බක්කියට... දැනටමත් බොහෝ් දෙනෙක් වැටිලා ඉවරයි. මම නම් කිසිම දවසක තඹ සතයක් වත් හොරකම් කරලා නැහැ. පගා අරගෙන නැහැ. කොමිස් ගහලා නැහැ. ඒ නිසා මම ඕනෑම මොහොතක මරණයට වුණත් සූදානම්. ඒත් අපේ රටේ බොහෝ දේශපාලකයින්ට එහෙම කියන්න බැහැ. අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රට ඉතුරු කරන්න. රටේ දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරින්ගේ වැරදි වැඩ නිසා ජනතාව කොතරම් දුක් විඳිනවාද..? දැන්වත් හැදෙන්න බැරිනම් වැඩක් නැහැ. රජකම් කළත් කළකම් පල දෙනවාමයි. ඒ නිසා කල්පනාවෙන් හිතට අවංකව වැඩ කරන්න. ජනතා සාපයට ලක් නොවී...
තෙල් තොග රැස්කර විකුණන අය නොමග අරින්න ඔහොම කිව්වට ඇත්ත මිනිස්සු දන්නවා. මෝඩ නිලධාරීන් හිතන්නේ අපි උගතුන් කියලා...