නැ’හිර සරසවියේ 31 කට කොරෝනා ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යාපන පීඨය සහ සිද්ධාර්ත ආයුර්වේද ඒකකයේ සිසුන් 31 දෙනකුට ගෙවී ගිය දින තුන තුළදී කොවිඩ් 19 වැළදී ඇතැයි ත්‍රිකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වී . ප්‍රේම් ආනන්ද මහතා පැවසීය. 13 January 2022
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගලදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය(2022) බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී ඊයේ (12) තීරණය කෙරිණ. 13 January 2022
පෞද්ගලික සේවකයෝ 5000 ඉල්ලා පාරට පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා මේ මස 21 වැනි දින විරෝධතා සංවිධානය කරන බව ලංකා වෘත්තිය සමිති සම්මෙලෙනය සඳහන් කරයි. 13 January 2022
ඉවත් කළ ලිට්රෝ සභාපති යළි පත්කරයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. 13 January 2022
බොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බය: සැකකරැ 25 තෙක් රිමාන්ඩ් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද 13 නියෝග කළාය. 13 January 2022
දුම්රිය වැඩ වැරුමෙන් වන්දනාකරුවෝ අතරමං වෙති දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රි 12.00 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් දැඩි අසිරුතාවයට පත් වූහ. 13 January 2022
ගැබිනි-කිරිදෙන මවුවරුන්ටත් බූස්ටර් ගර්භනී මවුවරුන්ට සහ කිරිදෙන මවුවරුන්ට බූස්ටර් එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියට යටත්ව ලබා ගැනීම අනුමත කර ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 13 January 2022
ලිට්රෝ ගැස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයට අද පෙරවරුවේ හදිසියේම පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කළේය. 13 January 2022
ආරක්ෂක ඇමති,ජපාන තානාපති අතර විශේෂ හමුවක් දෙරටේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ. 13 January 2022
තැන් දෙකකදී දුම්රිය දෙකකට ප්‍රහාර දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ. 13 January 2022
භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මීට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේ දැනුම් දුන්නේය. 13 January 2022
දියබෙදුම දරුවෝ පාසල් යන්න බස් ඉල්ලති දියබෙදුම ප්‍රදේශයේ සිට පොලොන්නරුව අවට පාසල් රැසකට අධාපන කටයුතු සදහා යන ළමුන්ට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් ඉල්ලා මවුපියෝ සහ පාසල් දරුවෝ දියබෙදුම නගර මධ්‍යයේ විරෝධතාවයක නිරතවූහ. 13 January 2022
නොරෝච්චෝලේ ගැටලුව සොයන්න චීන විශේෂඥයෙක් නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට චීන විශේෂඥයෙකුගේ සේවය ලබගන්නා බව විදුලිබල අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 January 2022
එජාප අලුත් මුහුණු තව සතියකින් එළියට එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන කටයුතුවල නිරත වන අලුත් මුහුණු පළමු කණ්ඩායම හඳුන්වාදීම මේ මස 23 සහ 24 දෙදින සිදු කෙරේ. 13 January 2022
‘ඖෂධ හිඟය වැළක්වන්න උපරිම පියවර ගන්නවා‘ රටේ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් තිබුණද එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 13 January 2022
හික්කඩුව නගර සභාපති දිවි ගමන නිමා කරයි හික්කඩු නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා ඊයේ (12) රාත්‍රියේ අම්බලන්ගොඩ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. 13 January 2022
අධ්‍යාපන විද්‍යාපීඨ අනිද්දා සිට ඇරඹේ අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා (15) සිට ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 January 2022
ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ. 13 January 2022
යතුරු පැදිවලින් රේස් පැද්ද පහක් අල්ලයි හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් දෙනකු යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගත්බව හෝමාගම පොලීසිය කියයි. 13 January 2022
දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගිහු අපහසුතාවයට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වෙයි. 13 January 2022
තැන තැනට අදත් පොඩි පොඩි වැසි මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 January 2022
කමිල් මිෂාරටත් ‘කොවිඩ්’ සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 16 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් පිතිකරු කමිල් මිෂාර ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (12) රාත්‍රී ‘ලංකාදීප’යට පැවසීය. 12 January 2022
සිසුවියන්ට අමුතු පාඩමක් කියා දුන් කොස්තාපල් මාට්ටු පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්වරයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 12 January 2022
කොණ්ඩගලින් පැන්න රුසියානුවගේ පැරිෂුටය ගුවනේදී අක්රිවෙයි දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම වැටීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය පවසයි. 12 January 2022
ගෙවුණු දෙවසර විපක්ෂයට භාරදී ඉදිරි තෙවසර ගැන අපේක්ෂා තබන්න කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 January 2022
අම්පාර උක් ගොවියෝ පාරට බසිති හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. 12 January 2022
කොවිඩ් ආසාදිතයන් තව 653 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 653 දෙනකු අද (12) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 12 January 2022
වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයට වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. 12 January 2022
කොවිඩ් මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 January 2022
වැල්ලවත්තේ මළ සිරුර හඳුනාගනියි වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවූ නාඳුනන මළ සිරුර සිය සොයුරාගේ බව ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු අද 12 පැමිණ හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි 12 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026