(නිමල කොඩිතුවක්කු)
ඉදිරි දෙසතිය තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
පාසල්, කාර්යාල සහ සමාජයේ ඒකරාශී වන ස්ථානවල රෝග ලක්ෂණ සහිත පිරිස් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තුළ නොතිබීමෙන් රෝගීන් හඳුනා ගැනීම ගැටලු සහගත වී ඇතැයි ද ඔහු පැවසීය.
පවත්නා තත්ත්වය හමුවේ ඉන්ධන පෝලිම, ගෑස් පෝලිම් වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල දී රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් අවාසනාවන්ත මරන ඇති වීමේ අවස්ථාව ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කීවේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉදිරි දෙසතිය තුළ කොවීඩ් රෝගීන්ගේ වර්ධනයක්
Rohana Monday, 01 August 2022 04:58 PM
ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් නිසා කොවිඩ් හැදෙනවා නම් එවැනි පෝලිම් නැතිකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ මොකද? අපිත් කැමතියි පෝලිම් නැතිව මේවා ලබාගන්න...
fairoos Monday, 01 August 2022 05:44 PM
රට වහන්න තමයි වෙන්නේ... නේද මහත්තයා..?