(යොහාන් භාසුර)
මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1) කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්වය හේතුවෙන් අද (1) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර දුම්රියන් මේ වන විට නාවලපිටිය හා හැටන් දුම්රිය ස්ථාන වල නවතා ඇති බවත් දුම්රිය මාර්ගයට සහ බස් මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය තුළ සිටින මගී ජනතාව වෙනත් දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ද ගැටලුකාරී වී ඇති බවත් වාර්තා වේ.
දුම්රිය මාර්ගයට ප්‍රදේශ කීපයකදී පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් සහ විශාල ගල් පෙරලීමෙන් දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් කොටගල දුම්රිය ස්ථානය සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර, රෝසැල්ල දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, වටවල දුම්රිය ස්ථානය සහ ගලබඩ දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථානය අතර, නානුඔය දුම්රිය ස්ථානය සහ ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අවහිර වී තිබේ.
වටවල දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළවටවල දුම්රිය ස්ථාන අතර විශාල ගල් පර්වතයක් දුම්රිය මාර්ගයට පෙරළී ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය මාර්ගයට ඉහළින් තිබූ අඩි 12ක් පමණ උසකින් පමණ මෙම ගල පුපුරුවා හැරීමට සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
(රංජිත් රාජපක්ෂ)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා