
(සුජිත් හේවාජුලිගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබ ඇත.
මිරිදිය ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් 160කට මේ යටතේ ආධාර පිරිනැමිණ.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.
රුපියල් ලක්ෂ දස ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ෆයිබර් ග්ලාස් ඔරු ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.
ෆයිබර් ඔරු මෙසේ පිරිනමනු ලැබූවේ වැදිවැව සම්පත් ධීවර සමිතිය, ආඬියන්ගම ග්‍රාමීය ධීවර සමිතිය, කිරිවාඩිය ග්‍රාමීය ධීවර සමිතිය, මීගහජපුර ධීවර සමිතිය, මහවැලි කඩආර ධීවර සමිතිය යන ධීවර සමිතිවලටය.
“ගම සමඟ පිළිසඳර” වැඩසටහනකදී ධීවර ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ෆයිබර් ඔරු ලබාදීම කළ බව සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්.වී.පී. ආනන්ද මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදනද මෙම ෆයිබර් ඔරු මිලදී ගැනීමට යෙදවුණු අතර ඒ මහතාද මෙම අවස්ථාවට සහභාගී වූයේය.
මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තයෙන් ජීවත්වන පවුල්වල ජීවනෝපාය මාර්ග හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා තවත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ බදු මුදල්.
‘ගම සමග පිළිසඳර‘ අන්තිමට ගෝඨා පැනලා යයි
"නියෝජ්‍ය කතානායකගෙන් හම්බන්තොට ධීවරයින්ට ෆයිබර් ග්ලාස් ඔරු" නියෝජ්‍ය කතානායකගෙන්? මේවා ජනතාවගේ සල්ලි බදුවලින් දෙන්නේ... සුජිත් දැනගන්න.
පළාතේ ඉන්න ලොකුම වැලි ජාවාරම් කරුවා කවුද කියලා දන්නෝ දනිති. හැම ධීවරයටම එක බැගින් වුවත් ඔරු දෙන්න අපි ලඟ කෑෂ් තිබෙනවා. එන්න ඔරු ගන්න අපට ඡන්දෙ දෙන්න. රටේ අනාගතය විනාශ කර අපට සහයා දෙන්න.
මැදමුලනේ ඡන්ද ටික බේර ගන්න මෙන්න මුට්ටියක් දාලා. තව අවුරුදු 2ක් අඳින්න නේ බලන් ඉන්නේ.
ෆයිබර් ඔරු දෙකක් ගන්න පුලුවන් තැනක් කියන්න. මගේ ගම ගංවතුරට යටවෙනවා. අඩි 10/12, වගේ පොඩි දෙකක්.