(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ සමස්ත කතාවම ඇසු විට එය ධනාත්මක හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නමුත් දේශපාලනයේ කතා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙන බව කී විපක්ෂ නායකවරයා සමස්තයක් විදියට කතාවේ අඩංගු වූ කරුණු ධනාත්මක බව කීය. කතාවෙන් කී දේ යථාර්ථයක් වේ යැයි හිතමු යැයි සඳහන් කළ ප්‍රේමදාස මහතා සර්වපාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ද කතාවෙි ප්‍රතිපාදන සකස් වී තිබෙන බව පැවසීය.
ඇමැති කටු සූප්පු කර අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි හිතනවා නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් බවත් කී විපක්ෂ නායකවරයා එවැනි දෙයක් ජනාධිපති කතාවෙි අඩංගු නොවීම ගැන සතුටු වන අතර ඒ ගැන ධනාත්මකව හිතන්නට හැකියාව තිබෙන බවද කීය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කථාව අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන් ගමන හොම්බෙන්. තාමත් කතාවලට රැවටෙන උන්ට අනාගතයක් නැහැ.
විපක්ශ නායක තුම කිදේ එලෙසම දෙන්නෙ නැතුව ඔබට ඔන විදියට තෙරුම වෙනස් කරල දාන එක වැරදියි නේද?
ඊළඟ ඡන්දෙදී මෙයාට විපක්ෂ නායක කමත් නැතිවෙනවා..!
මෙයා ධන ඍණ දන්නෙ නැහැනෙ.
Sajith is yet to learn Ranil !