
(ඉන්දිකා රාමනායක)
කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාාර්යාලයට ඉකුත් (13) දින කඩා වැදී එහි දේපළ වලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් ගේ ඡායාරූප රැසක් ඡායාරූප අද (3) මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.
අරගලයට සහය දක්වමින් ඉකුත් 13 පෙරවරුවේ පිරිස් ,අග්‍රාමාත්‍ය කාර්යාල, සිය ග්‍රහනය නතු කරගෙන තබුණි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ මෙම ඡායාරූප වල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718594950, 0718594901, 0718594924, 0112422176 යන අංක ඔස්සේ උය්එි ්චච මගින් හෝ ඇමැතුම් මගින් දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය මුවාවෙන් රජයේ මර්මස්ථාන විනාශ කරන්න ඇවිත් තමුන්ගේ මුලු අනාගතයම විනාශ කරගත්ත මෝඩ තකතීරුවො ටිකක්.
විවිධ පාර්ශ්වයන්ගේ රැවටීම්වල හසුවෙලා, ලොකුකම පෙන්නන්න ගියාට අහන්න තියෙන්නෙ දැන් සැපතද කියලා. ප්‍රචණ්ඩත්වය වපුරලා දැන් තනියම තමයි සිරබත් කන්න වෙන්නෙ. දැන්වත් අන්තවාදී පාර්ශ්වවල වියරු අදහස්වල නොරැවටී පාඩුවේ ඉන්න බලන්න
ඔය ගමන්ම මහ බැංකුවට පෙන්න හොරු අල්ලන්නත් මහජන සහාය පතපන්කො. සීනි බදු වන්චාව ගැන, අදිවෙගි මර්ග වලින් ගසාකාපුව ගෙන එහෙමත් ඔය වගෙම මහජන සහාය ඔනෙද?
රටම හොරා කාලා බංකොලොත් කරපු අය තාමත් අදුරගන්න බැරි උනා. අරගල කරුවන් නැත්නම් ගොඨා තවම රට කනවා.