(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන සතියේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය.

මේ අනුව එම විවාදය ලබන 9  වෙනිදා, 10 වැනිදා සහ  12  වැනිදා පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) පෙරවරුවේ රැස්විය.

පාර්ලිමේන්තුව ලබන 9  වෙනිදා රැස්වීමට නියමිතව ඇත්තේ පස්වරු 1.00ටය.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට අද (3) ඉදිරිපත් කළේය.